වෙන්වීම
සැඟවී ඇති සිතක යටපත් වූ කාරනා බොහෝය..
නැත හසරෙල්ලකට වරම් ....
වෙන්වීමට සිත ඇදී යන්නේ නොදැනුවත්වමයි
පවසන්න හමුවුනු තැනම වෙන්වීම දරන්නෙ කෙලෙසදැයි මා..
කාලය ගෙවී යාම
සිතේ සතුට ඉගිල යන්නෙ කඳුලකට හිමිකම තියාය ..
එහෙයින්
කිසිදාක ඔය දෙනෙත කඳුලින් තෙත් කරනු එපා.
එය දැක මේ සිත විඳවන බව දකිනු එපා
- විහඟ ගයාන් අබේවික්‍රම -
Comments
Post a Comment