විභාගය
SUBJECT තුනක් ලියුවෙමි මම ගැට ගහලා
නොදත් දේත් ලියුවෙමි බොරු ඇදබාලා
අන්තිම විෂය දුටු විට තරු විසිවීලා
සංස්කෘතිය බොරුවත් නැත ලියවීලා
ගන්නට සම්මාන මම එහි වාඩි විය
මුලදි මහා ලොකු ලොකුවට කරුණු විය
ක්රමයෙන් ටිකෙන් ටික කරුණුත් කෙටිම විය
අන්තිම විශයෙ හිස් කොලයක් පුදනු විය
ලංකාව ගැනත් හරිහැටියට නොදත් මම
චීනය මියන්මාරය ගැන කෙලෙස කිම
පොතත් නොදැක දුටු විට පේපරය මම
සම්මානයේ හීනෙත් පුපුරලා දුම
අනිත් යාළු හනි හනිකට ලියනු ලැබේ
මමත් මෙලෙස කොල ගෙන කවි ලියනු ලැබේ
සමහර යාළු තව තව කොල ලියනු ලැබේ
දීපු කොලෙත් මගෙ ඉතිරිව තිබෙනු ලැබේ
කාලය පැය තුනකි පේපර ලිවීමට
මට ගියෙ තනි පැයකි එය රස විදීමට
තනි බෝතලයක්ම නිම විය මගෙ පිපාසෙට
වතුර බි බී කවි ලීවෙමි මේ ලෙසට
දන්නෙම නැතිව කවි පහක්ම ලියවීලා
නමුදු අනේ නැත කාලය පියඹාලා
වාඩි වී සිටින අසුනත් රත් වීලා
කෙලෙසට තව හිදිනු මෙලෙසට ඉවසාලා
පතමි සුභ මෙලෙස යහඵවන් හට
විභාගයෙන් හොද ප්රතිඵල අරගන්ට
දහම් අවසානෙ හරියට කරගන්ට
සිදුවෙයි මට මෙතන මෙහෙමම නවතින්ට
කාමර අංක හතහෙයි මම වාඩි වුනේ
ඩෙස් විස්සක් තිබුනට එහි අටයි වුනේ
එයින් හතක් ගොඩවී එගොඩට යන්නේ
අනේ අපොයි මම සිටි තැන පල් වෙන්නේ
පතමි දිගාසිරි මේ ගුරුවරුන් හට
කුමක් කරම්දැයි නිතරම නොසෙව්වට
මුහුන දුන් නමුදු මේ ලෙස විභාගෙට
මට ඇත වරම් නැවතත් මෙය ලිවීමට
- දිලීප එම් ජයසිංහ -
Comments
Post a Comment