ඉඩෝර බිම අස්වැද්දූ තරුණ අත්වැට


ඉඩෝර බිම අස්වද්දන ගවේෂණාත්මක තරුණ අත්වැට දේශන මාලාව සහ සුහද හමුව පසුගියදා වීරකැටිය කුඩා බිබුල සොබාදහම් පාසලේදී  පැවැත්විණි.

වැඩසටහන උදෑසන 5 ට ආරම්භ විය. සියලු දෙනාම ශරීර උණුසුම් වීම සදහා ව්‍යායාම කර දවස ප්‍රබෝධමත් ලෙස ආරම්භ කළ අතර සියළු දෙනාම මුහුණින් මුහුණ බලා විමසුම් දෑසින් මුහුණට මද  සිනහවක් එක් කළේ  "මම ඔබේ මිතුරෙක් වෙමි" යන වචන පෙල මුහුණෙහි සනිටුවන් කර ගනිමිනි. ඉඩෝර බිම අස්වද්දන වෑකඳවල රාහුල හිමියෝ වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව පිරිස හඳුනාගත්හ.

අපේ සාකච්ඡාවට හැමදෙනාගේම මති මතාන්තර සංවාදශීලී අදහස් මෙන්ම එකිනෙකා පරයා යන නිර්මාණශීලී එමෙන්ම විවේච්නාත්මක අදහස් ඉදිරිපත් කරමින්   ජනමාධ්‍ය   ,තොරතුරු දැන ගැනීමේ පනත , ජලය , කිතුල් , යාල , අලි   ,කුළුබඩු ,චිත්‍ර, කාන්තාව , ක්‍රීඩාව, සර්පයෝ, දෙශපාලනය, බුදු දහමේ සහ ස්ලාම් දහමේ පරිසරය ගැන ඇති දේවල්, දෙමළෙන් බෞද්ධ කතාවක් යන මාතෘකා පාදක කරගනිමින් දේශන සහ සාකච්ඡා පැවැත්විණි.

සවස් වරුවේ පැවැති ගීත රසාස්වාදනය සැඳෑ සමයේ පාළුව දුරු කරන්නට සමත් විය . රාත්රී 8.30 ට පමණ සියල්ලන්ම දුක්මුසුව සුහද හමුවේ අවසානට පානැගුවේ තවත් හමුවකට බීජ වපුරමිනි.

ඉඩොර බිම අස්වද්දන ගවේෂණාත්මක තරුණ අත්වැට දේශන මාලාව සහ සුහද හමුව සමඟ නන් දෙසින් තරුණ තරුණියෝ වැලක් සේ එක්වූහ . ජාතිභේද නොසලකා හරිමින්  සිංහල සහ  මුස්ලිම් සහෝදර සහෝදරියෝ ඊට එක්වූහ. 

මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තිය හුවාදක්වමින්  ජාතිභේද ආගම් භේද  නොසලකමින් සහෝදරත්වය, අවංකත්වය සමඟ සොබාදහම් පාසල වටා එක් රොක් වෙමින් සංවාද සාකච්ඡා කරමින් අනවබෝධයෙන් තොරව ඉදිරියට පියවර තබන්නට මංපෙත් විවර කළ ඒ ඉඩොර බිම අස්වද්දන ගවේෂණාත්මක තරුණ අත්වැට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවිතයට අත්වැලක් එක් කළේය.

වෙනත් ජාතිකයන් සමග වැඩ කරද්දි ,විනෝද වෙමින් අදහස් බෙදා ගනිමින් එකම කෙසෙල් කොළයක කෑම ගනිද්දී අනිත් ජාතීන් මත සමාජය විසින් සිතේ පැළපදියම් කළ වැරදි සිතුවිලි සියල්ල වෙනස් කළේය.   මාගේ සිතේ තිබූ වැරදි හැඟුම් සියල්ලම ව්‍යර්ත කරමින් සහෝදරත්වයේ ස්මාරක අවංකත්වයේ  ප්‍රතිමූර්තිය සුහදත්වයේ ජයග්‍රහණය  භුක්ති වින්දෙමි.

හැමෝම එකාවන්ව කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නියැලුනේ සැවොම දිගු කලක පටන් දැන හඳුනන පිරිසක් මෙනි. සිත් පහන් කරන සිතුවිලි දාමයකින් හදවතේ මනුදම් අස්වැද්දූ  ගවේෂණාත්මක තරුණ අත්වැට දේශන මාලාව සහ සුහද හමුවේ නිමාව සනිටුහන්වූයේ තවත් එවැනිම සුහද හමුවක ආරම්භයක් සනිටුහන් කරමිනි.

 - ඉෂාරා ජයවර්ධන - 
























Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්