ඔබත් රැයකදි ඇවිත් යනු මැන


නියං කාලෙට හිඳෙන වැව ලඟ
නෙළුම් මල් නොපිපුනත් තනියට
අන්න එතනයි මම උපන් තැන
ඔබත් උදයක ඇවිත් යනු මැන

හුදකලාවෙන් සුළඟ සිඹ සිඹ
අවාරයටත් ඵල බෙදන ගස
අන්න එතනයි මම හිඳින තැන
ඔබත් දවසක ඇවිත් යනු මැන

අමාවකටත් සඳ පෙනෙන ලෙස
තැනක් මතු දින මෙ'බිම ඉදිකර
අන්න එතනයි මම නිදන තැන
ඔබත් රැයකදි ඇවිත් යනු මැන

- ඉලක්ෂ ජයවර්ධන - 

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්