ගම්පහ වැනසීමට එරෙහි ගුරු හඬ Get link Facebook X Pinterest Email Other Apps - August 29, 2018 ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අක්කර 60 ක කුඹුරු යායක් ගොඩ කර ඉදිකිරීමට නියමිත ගම්පහ නගරෝද්යාන ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආචාර්යවරියක් දැක්වූ අදහස්... Get link Facebook X Pinterest Email Other Apps Comments
සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස) - December 11, 2017 පරිසරයේ ගැටෙමින් ,පරිසරයේ වෙසෙමින් පරිසරයට මහගු කාර්යක් ඉටුකරනු ලබන තවත් වැදගත් ජීවී කොටසක් ලෙස සර්පයන් හැඳින්විය හැකිය. සර්පයන් යනු ජීවී කොටස් අතරින් ඉතාමත් අවසනාවන්ත අයුරින් තර්ජනයට ලක්වී ඇති ප්රතමුඛතම සත්ව කාණ්ඩයකි. බොහෝ දෙනෙකුට පවතින ප්රුධානම ගැටලුවක් වන්නේ පරිසරයට සර්පයින් අවශ්‍ය ම සත්ව කාණ්ඩයක් ද යන ප්රශ්නයයි.මන්ද ,සර්පයන් පරිසරයට ඉටුකරනු ලබන කාර්යය බොහෝ දුරට නොපෙනෙන බැවිනි. සර්පයින් විසින් නිහඬ ව පරිසරයට ඉටුකරනු ලබන කාර්යය අතිමහත්ය .විලෝපිකයන් ලෙස පෙනී සිටිමින් ද විවිධ සතුන් ආහාරයට ගනිමින් ද පරිසරයේ පවත්නා ආහාර දාමයට සර්පයින් සෘජුවම දායක වේ. සර්පයින්ගේ ප්‍රජනනය සහ සංවාසය පිළිබඳව ආවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙකක් පවතින බව පෙනී යයි. 01.අණ්ඩජතාවය 02.ජලාබුජතාවය මෙම සර්පයින්ගේ පැටවුන් තුඩු අග හෙවත් දත මගින් බිත්තර කටුව බිඳ පිටතට පැමිණෙයි.බොහෝ සර්පයින් පැටවුන් වැඩෙන තුරු රැකබලා ගැනීම සිදුනොකරන අතර පැටවුන් ට ආහාර ගැනීමටත් , විෂ දළ භාවිතයටත් හැකියාවක් පවතී.ඒ වගේම මොවුන් තුළින් වැඩිම කාර්යක්ෂමතාවයක් දක්වන්නේ පිරිමි සතුන් වන අතර ඔව ඉතිරිය »
ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට... - December 20, 2018 එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය . අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ . විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ . එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය . “ සිංහලයන් හට බොහෝ ධාන්‍ය වර්ග ඇතත් ඒවා අපේ ධාන්‍ය වලට බෙහෙවින් වෙනස් ය . මෙම ධාන්‍ය අතුරෙහි අග්‍රගණ්‍ය වූ ධාන්‍ය වනාහී වී ය . වී පැසීමට යන කාල වේලාව අනුව වර්ග වී ඇති වී වර්ග බොහෝය . එහෙත් රස වශයෙන් එම විවිධ වී වර්ග අතර විශේෂ වෙනසක් නැත්තේය . ලංකාවේ එක් වී වර්ගයක් පැසීමට සත් මසක් ගතවේ . මෙයට මා වී යැයි ව්‍යවහාර කරනු ලැබේ . තවත් වී වර්ගයක් පැසීමට සමසක් ගත වේ . ඒ භාතියල් නම් වේ . තවත් වී වර්ගයක් පස්මසින් පැසෙයි . එය ගොඩරවාල නම් වේ . සතර මසකින් පැසෙන වී වර්ග හීනටි නම් වන අතර තුන් මසකින් පැසෙන වී වර්ගය කුදු වෙයි . ඉතිරිය »
ශ්‍රී ලංකාවේ සමනලුන් - December 04, 2019 ගයනි ගරුසිංහ Lepidoptera යන ග්‍රීක වදනෙහි තේරුම කොරල පියාපත් යන්න වන අතර මෙම නම සමනලයින්ගේ හා සලබයින්ගේ වඩාත් ප්‍රකට ලක්ෂණය වන වර්ණවත් පියාපත් හා බැදී ඇත . සමනල පියාපත් පාරදෘශ්‍ය පටලමය ඒවා ලෙස සකස් වී තිබේ . මේවාට වර්ණය ලැබෙන්නේ ඒ වසා පැතිරුන කුඩා කොරපොතු ආකාර ව්‍යුහ මගිනි . මෙම කොරල සමනලයින්ගේ පියාපත් වල පමණක් නොව සිරුර පුරා ද දැකිය හැකිය . අප සමනලයකු ඇල්ලූ විට කුඩු ආකාරයට අතේ තැවරෙන්නේ මෙම ක්ෂුද්‍ර කොරලයි . සමනලුන් හා සලබයින් පූර්ණ රූපාන්තරණය පෙන්වන කෘමි ගෝත්‍රයකි . ඔවුන්ගේ ජීවන චක්‍රය බිත්තරය , කීටයා , පිළවා හා සුහුඹුලා යන එකිනෙකට වෙනස් අදියර 4 කින් සමන්විත වී ඇත . විවිධ හැඩයෙන් හා වර්ණයන්ගෙන් යුක්ත සමනල බිත්තර වලින් එළියට එන කීටයා දළඹුවන් ලෙස හදුන්වන අතර ශාක කොටස් ආහාරයට ගනී . පිළවා අවස්ථාවේදී කෝෂයක් තුළ කල් ගත කරන මොවුන් අවසානයේදී කෝෂය බිදගෙන සමනලයා බිහිවේ . කීට අවස්ථාවේදී ශාක කොටස් ආහාරයට ගැනීමට සකස් වී තිබූ හනු වෙනුවට මල් පැණි උරා බීමට ශුණ්ඩාව නම් මුඛ කොටසක් නිර්මාණය ඉතිරිය »
Comments
Post a Comment