නූතන උගතා

උඹයි මමයි එකතු වෙලා
ඔක්ෂිජන් දුන්නට
මේ විශම ලෝකයට...
ගුණමකු නොමිනිසුන්
විනාශ කලෙ
උඹයි මමයි දෙන්නම එකට...
ටිකෙන් ටික කල් ගිහින්
අපේ පැටව් වැඩෙද්දි
අපි වගේම අපේ පැටව්
අපේ යුතුකම ඉටුකලත්...
නව ලොව ජයගන්න
පෙරට ඇදෙන
නූතන උගතා
ඔවුනගෙ සියලු ණය
බොල් ණය ලෙසම තබා...
වරම් දෙයි
අපේ පැටවුන්ට
සිප ගන්නට දෙරණ
අපට සේම...
වියතුනේ
නුඹේ ණය ගැති ගිණුම
බොල් ණයට කපා හැරියත් අප
ගගට කැපූ ඉණි මෙනි
සියල්ලම...
නුඹේ
දැනුමට..,
නුඹේ
සංවර්ධනයට..,
ඉඩහසර වෙන්කොට
නුඹටම සුවය සැදූ
අප
මෙලොවින් තුරන් කරලා
ඉවරයි දැන් භාගෙට...

නිශූ

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්