සුනේ මාමාගේ සොබාදහමේ ගොවිපල

සුනේ මාමා කාලයක් සොබාදහම් පාසලේ ගොවිපලේ වැඩ කළේය .සුනේ මාමා නැත ද තවම ඔහු මහපොළොවට ඉතිරි කළ දෑ අද ද පල දරති මල් පිපෙති.කලකින් මම මාමා සොයා ගියෙමි .මා දැකිම සතුටකි.මටද මාමා දැකිම සේම ගොවිපල දුටුවිට අැති වුයේ අප්‍රමාණ සතුටකි.අපි කතා බහ කරමින් ගොවිපල පුරා ඇවිද ගියෙමු.මාමා ගොවිපලේ ගස් ගනනාවක් ඉතිරි කොට තිබුණි.මම මාමාට එසේ ගස් වලට ඉඩක් ඉතිරි කිරිම ගැන ප්‍රසන්සා කළෙමි .මට ගස් කපා දාන්න හිතුනේ නෑ හාමුදුරුවනේ .අපි ඇවිද ගොස් දං ගසක අතුමත හිදගත්තේමු. හිදගත් විගස මාමා තමන්ගේ දර්ශනය දිග හරින්නට විය. හාමුදුරුවනේ අපි හැමෝ ලෝක පටලැවිල්ලක වැටිලා ඉන්නේ . මිනිස්සු සතුට කියල එකක් හදාගෙන තියනව එත් හැමෝම නොසන්සුන්
මහපොළොව ඇතරල මොන සතුටක්ද හාමුදුරුවනේ සතුට තියෙන්නේ මහපොළවත් සමඟ ජිවත්වත් වෙන එක වෙන කොහේවත් තියන දෙයක් නෙමේ සතුට....? මම මාමා කිදේ හිසින් දරා එන්නට පිටත් වුනෙමි. හාමුදුරුවනේ කාරිවසම් මහත්තයා මතක්කලා කියන්න ඒ පරිසරවේදි රවීන්ද්‍ර කරියවසම් ගැනය.සොබාදහම් පාසලේ දේශයන් සිදුවන විට පිටුපසට වී සිටි සුනේ මාමා බොහෝ ඉදිරියේන් සතුටකි.

වෑකඳවල රාහුල හිමි 












Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්