වන වනසන මහ වණය

පෙරදිග මුතුඇටයේ වාසනාවකට අනාදිමත් කාලයක සිට වන සතුන්ගේ මෙන්ම මහ මොලය හිමි දෙපා සතාගේ පිහිටට වෘක්ෂලතා සිදුකරන ක්‍රියාවලිය මේ යැයි ගැනිය නොහැකිය. මන්ද යත් මිහිකත මහ මොලකරු හෙවත් ඉතා ශිශ්ට සම්පන්න මිනිසාගේ ජීවය රැදී පවතින්නේ ගස්වැල්වල වල අනුහසිනි. හුස්ම ඉහලට පහලට හෙලීමට අප අපොහොසත් වන්නේ නම් අකමැත්තෙන් උවද අපගේ ජීවයේ අවසන් සුසුම් පොද වා තලයට මුසුකර ජීවය අත් හැරීමට බාල තරුණ මහලු මෙන්ම දුප්පත් පොහොසත් බේදයෙන් තොරවම සිදුවන්නකි.

තෙත් කලාපීය වනාන්තර, වියලි කලාපීය වනාන්තර හා ශුශ්ක කලාපීය වනාන්තර ලෙස මුතු ඇටයේ වනාන්තර වර්ග කල හැකි අතර මෙම වනාන්තර වල ආශීර්වාදයෙන් ධරණි තලයෙන් මතුවන දිය උල්පත් නිසාවෙන් අපගේ පවස සංසිදුවා ගැනීමට මෙන්ම එදිනෙදා අනෙකුත් සියලුම කටයුතු අප සිදු කරනුයේ කිසිදු මුදලක් ධරණි තලයට නොගෙවා වීමෙන් තම තමන්ට රිසි පරිද්දෙන් ඔවුනොවුන්ගේ කටයුතු සිදුකරනු ලබයි. එහෙත් අතීතයේ විසූ අපේ මුතුන්මිත්තන් සිය ගොවිතැන් කටයුතු යල මහ කන්න දෙකට වැසි දෙවියන්ගේ උදව්වෙන් සිදුකලත් වැසි නොවසින කාලවලට දිය දෝතක් ලබා ගැනීමේ අදිටනින් එකල රජකම් කල රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහ වැව් රටපුරාම ඉදි කොට තබා ඇත.වැව් තුනක් එක්කොට තැනූ පැරකුම් සමුද්‍රය, කලා වැව, මින්නේරිය මෙන්ම කොත්මලේ ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්ටැඹේ ජලාශය, රන්දෙණිගල ජලාශය හා විශාලත්වයෙන් අඩු කුඩා වැව්ද ඉදිකොට ඇත.අනුරාධපුරය හා පොලොන්නරුවේ පමණක් සංඛ්‍යාත්මක අතින් ඉතා විශාල වැව් ප්‍රමාණයක් ඉදිකොට ඇත. කෙසේ වුවත් අප තරයේ සිහියේ තබා ගත යුක්තක්ද ඔවුන්ගේ මෙම වැව් බැදීම තුල ඇත.එය නම් තමාගේ සුඛවිහරණය සදහා පමණක්ම නොව ඉතා විශාල පිරිසකගේ සුභ සෙත උදෙසා ක්‍රියා කිරීමයි.

ඉතා විශාල ප්‍රදේශයක් සශ්‍රික කිරීමේ අදිටනින් තැනූ වැව් අමුණු වලට වර්තමානයේ අත්වී ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයක් බව පැවසිය යුතුමය. මා හට හැගී යන පරිද්දෙන් පැවසුවහොත් අපගේ වැව් අමුණු, ජලාශ, වනසතුන් මෙන්ම වනාන්තර වලටද වර්තමානයේ පැමිණ ඇත්තේ මහත් අපල කාලයකි. මන්දයත් සංවර්ධනය මුවාවෙන් වනාන්තර සිත් පිත් නොමැතිව විනාශ කරන අතරම, ඉතා කුඩා බිම්කඩකට ජලය සැපයීමට මහත් වූ බිම් කඩක් කැපීම,ඇත් දළ ලබාගැනීමට අලි ඇතුන් දඩයම් කිරීම, ඉතා සුවිශේෂී ජයිව විවිධත්වයකින් යුතු ශාක හා සතුන් පිටරැටියන්ගේ මනදොළ පිනවීමට විකිණීම යනාදී කරුණු හේතුවෙන් වනාන්තර මෙන්ම අනිකුත් වනසතුන් අපගේ මිහිකතට අහිමි වෙති. ඊට නිසි පිලියම් යෙදීමට වගකිවයුත්තෝ ක්‍රියා නොකිරීම ද අපගේ වනාන්තර විනාශ මුඛයට ඇද දැමීමට මහත් රැකුලකි.

උක්ත කතාව සනාථ කරමින් එය වර්තමානයේ පසක් වී ඇත. වර්ශ 1960 දී රැසියානු රජය සමග එකගතාවයන්ට පැමිණ Thecnopro mexport සමාගම මගින් තක්සේරු අධ්‍යනයක් කර තිබුන ද පෙරදිග මුතු ඇටයේ වාසනාවකට වසර තිහකට අධික කාලයක් නැවතී තිබූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කැළෑ ඉඩම් වැනසීම යහපාලනයේ ආශීර්වාදයෙන් පත් වී ඇති යහපාලන රජයේ වාරමාර්ග අමාත්‍ය පාලිත රංගේ බංඩාර විසින් මුල්ගල් තබා අවශ්‍ය වැඩ කටයුතු සිදුකර ඇත.මෙම වියාපෘතියට අනුව ජලය රැස් කිරීම සදහා කප්පච්චි අවට ප්‍රදේශයේ අක්කර දාහත් දහසක් වනාන්තර හා අනෙකුත් අවශේෂ කැළෑ ඉඩම් යට කරන බව පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මහතා උදාහරණ ගෙනහැර පාමින් මනාව සිදුවීමට නියමිත මහා විනාශය ගැන කරුණු දක්වයි. එපමණක්ද නොව සොබාදහම් පාසලේ පරිසරවේදී වෑකදවල රාහුල හිමිද කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ මේ මහා විනාශයට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත කලාපයේ (Buffur Zone) අක්කර දෙදහසක් පළතුරු වගාව සදහා පුද්ගලයන්ට හෝ ආයතන වෙත පවරා දීමට මෙම වියාපෘතියෙන් සැලසුම් කර ඇති බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ රාහුල හිමියන් ප්‍රකාශ කලේ නැවත පදිංචි කිරීම සදහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කැළෑ අක්කර හයසිය හැත්තෑ පහක් කපා දැමීමට යෝජනා කර ඇති බවයි. මේ හේතූන් නිසාවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජයිව විවිධත්වය විනාශ වන බව පැවසූ රාහුල හිමි මේ නිසාවෙන් ක්ෂීරපායි විශේෂ 41, මත්ස්‍ය විශේෂ 29, ගෙම්බන් විශේෂ 17, කුරුල්ලන් විශේෂ 149 කගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරවන බවයි.

ලංකා ඉතිහාසයේ තවත් එක් විනාශකාරි වියාපෘතියක් වන මෙමගින් යෝධ වැවෙන් ජලය නොලැබෙන හෙක්ටයාර දෙදහසක් සදහා ජලය සැපයීමට හෙක්ටයාර දහනවදහස් හයසිය හැත්තෑ පහකට වඩා අධික වනාන්තර භූමි ප්‍රමාණයක් විනාශ කර දමන ඉතාමත් අසාර්ථකම වියාපෘතියකි. 1960 වසරේ සැලසුම් කල පසුගිය වසරේ මුල්ගල් තැබූ මෙම වියාපෘතිය හේතුවෙන් අලි ඇතුන්ගේ හා අනෙකුත් සියලුම වනසතුන්ගේ වාසභූමි අහිමි කරන්නකි.මෙම අත්තනෝමතික ක්‍රියාවලිය හේතුවෙන් අලි මිනිස් ගැටුම් ඇති විය හැකි බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. එතුමා ප්‍රකාශ කල පරිදි මෙම වියාපෘතිය මගින් පහළ මල්වතුඔය ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සිදුකිරීමට නියමිත බව වුවද පරිසරය විනාශය කල පසු එය සිදුකරනුයේ කෙසේද යන්න මහත් ගැටලුවකි.

කෙසේ හෝ වේවා පෙරදිග මුතුඇටයේ සියලුම සම්පත් වනසන මෙම වියාපෘතියට ලබා ගන්නා ණය මුදල බිලියන 13කි. එය ගෙවීමට සිදුවන්නේ මෙම ලිපිය ලියන මට හා ඔබ මෙන්ම මේ රටේ ජනතාවටය.ඒ කෙසේ වුවත් නැවත නැවතත් මනා වූ සිහියෙන් කල්පනා කල යුත්තේ බහු ජාතික සමාගම් වෙනුවෙන් ඔවුන්ගේ සමාගම් වල ආර්ථික භෝග වගා කිරීමට යෝජිත අක්කර දෙදහසක භූමියට ජලය ලබාදීමට අක්කර දහනවදහසක් විනාශ කල යුතුද යන්නයි.තීරණය බුද්ධිමත් ඔබ සතුය.

ගයනි ගරුසිංහ


Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්