නිකිණි මහේ පරිසර කඳවුර සාර්ථකව නිමවෙයි



නිකිණි මහේ පරිසර කඳවුර වීරකැටිය කුඩාබිබුල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

විහාරාධිකාරී වෑකඳවල රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ නේවාසික පරිසර කඳවුර පැවැත්විණි.

2018.08.03 සිකුරාදා දින සවස 5 ට ලියාපදිංචිය සිදුවූ අතර කඳවුරට සහභාගී වූ සහෝදර සහෝදරියන් හඳුනා ගැනීම සහ වටපිටාව ඇසට හුරකර ගැනීමමුලින්ම සිදු විය.

පරිසර කඳවුරේ අරමුණ සහ සාමූහික වගකීම් පිළිබඳ දැනුම්වත් කරනු ලැබුවේ දේවාලේගම පේමරතන හිමියන් විසිනි.

ඉන් පසු  පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ දේශනය ආරම්භ විය. ජලය අපේ ජීවය බව පසක් කරමින් ජල සම්පත් මිහිතලයේ පවතින ආකාරයලොව පුරා ජල අර්බුද මතුවන ආකාරය, පාරම්පරික ඥාන සම්භාරයේ මූලික දර්ශනයමහා සම්ප්‍රදායික සත්විද උරුමයන්ජල සම්පතට ඇති තර්ජන ආදිය හෝරාවක් පුරාවට පැවැති රවීන්ද්‍ර මහතාගේ දේශනය තුළ විය.

ඉන් පසු කෘෂිකර්ම උපදේෂිකා උපේක්ෂා නයනි මහත්මිය මී මැස්සන්ගේ ප්‍රජනන ක්‍රියවලියේ සිට මීමැසි රැජින බිහිවීම දක්වා සහ රාජ ජාලිය යනු මීමැස්සන්ගේ ප්‍රමාණයආහාරබිත්තර වර්ගජීවිත කාලය,වාසස්ථාන පිළිබඳ මනා දැනුමක් සිසුන් හට ලබා දුන්නාය.

රාත්‍රී ආහාරයෙන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සංගීත වැඩසටහනක් පැවැත්විණි.  රාත්‍රී 11 පමණ දවසේ වැඩකටයුතු වල නිමාව සිදු විය.

2018.08.04 දින උදෑසන 5 ට නැවතත් යෝග කිරීමෙන් ප්‍රබෝධමත්ව වැඩකටයුතු ආරම්භ විය.

උදෑසන 6.30-7.30 දක්වා පරිසර නිරීක්ෂණය සමගින් ඇස ගැටෙන කුරුල්ලන් සටහන් කර ගැනීම (feel note) සිදු විය. ඒ සමඟ කුරුල්ලන් හඳුනා ගන්නා ආකාරය නිවැරදි ක්ෂේත්‍ර සටහන් කර ගන්නා ආකාරයසංචාරක පක්ෂීන් හා ඔවුන් ලංකාවට එන ගමන් මාර්ග හා පැමිණෙන කාල සීමාව ආහාර රටා,චර්යා රටා වඳ වී යන කුරුල්ලන් පිළිබඳආදී තොරතුරු කියා දෙමින් කුරුලු පාරාදීසයේ වටිනාකම පරිසරවේදී ඒ වගේම වනජීවී පර්යේක්ෂක දුලාන් රංග පතිරණ මහතා ප්‍රායෝගිකව කියා දුන්නේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශම්මික ලියනගේ මහතා  සමාජයේ ඇති නැති පරතරය, දිළිඳුකම , මනුස්සකම ආදී කාරණා රැසක් ගැන සිය දේශනයෙන් ඉදිරිපත් කළේය. 

තවත් ප්‍රායෝගික වැඩසටහන් රැසක් පැවැති අතර අවසන් වශයෙන් සියලු දෙනාට වැඩසටහන ගැන අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය .  කඳවුරට සහභාගී වූ අවට පාසල් වලින් පැමිණි සිසුහු සොබාදහම් පාසල වෙනුවෙන් කෘතඥතාව පලකර සිටියහ .  

සටහන - ඉෂාරා ජයවර්ධන










Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්