ආධ්‍යාත්මය වැනසීම සහ වන්දනාව
අටවිසි බෝධි රෝපණය සහ වන්දනාව 2018.08.22 දින පැවති පිංකමේ අපගේ පෙන්වාදිම.
කිනම් අර්ථයකින් විවිධ ශාඛ විශේෂ සදහා බොධිය යැයි ව්‍යවහාර කරන්නේද ?
විසිඅටක් වු ශාඛ සඳහා අටවිසි බෝධින් වහන්සෙලා යැයි අප ගෞරවයෙන් සදහන් කරන්නේමු.ඒ සම්මත ලොකයේ භාවිතා වන ශාඛ නාමය නොවේ .ලොකය තුළ පහලවු සියලු බුදුවරු ජිවිතයේ යථාවබෝධය පසක් කොට ගන්නා ලද්දේ ගසක් යටය.අවබෝධය සඳහා සෙවන විම පිහිටවීම ජිවය සැපයිම වශයෙන් බුද්ධිය අවදි කළ තැන බෝධිය ලෙස හැදින්වේ.
ගෞතම බුදුන් පිටදි වදාලේ ඇසතු ගසයි.සෑම බුදුවරයෙක්ම යාථාවබෝය ලැබිම විෂයෙහි ගසක් යට නතරවී ඇත.කිනම් කරුණක් නිසා එසේ වී ඇද්ද? ගෞතම බුදුන්ගේ ජිවන චරිතය ඇසුරින් විමසා බලමු.සිද්ධර්ථ යනු ඉතා සැපවත් ජිවිතයක් ගතකල මාලිගා තුනකම සැප පහසු කාමභෝගී ජිවිතයක් සහිතව අධිපරිබෝජනවදි ජිවන රටාවක ජිවත් වෙන ලදි.වැඩි වැඩියෙන් පරිසරය සහ කාම සම්පත් පරිහරණය තුළ ජිවිතයේ සැබෑ සතුට විමුක්තිය නොමැතිවන බව දත් බොසත් තෝමෝ කාමසුල්ලිකානු යෝගය(ශරිරයට දැඩි සැප දීම ) අත්හලේය. අනතුරුව සිරුරට දැඩි දුක් දිම තුළ සත්‍ය සෙවිම සඳහා කුසලතා වර්ධනය කළ හැකි දැයි ගවේෂණය කරන ලදි.එයද අසාර්ථක තැන මැදුම් පිළිවෙත නැතහොත් මධ්‍යස්ථ ජිවන රටාවකට පිළිපන්නේය. එම ජිවන පැවැත්ම තුළ සත්‍ය,කුසල,විමුක්තිය සඳහා මාර්ගය සොයා ගන්නා ලදි.අධිපරිබෝජන රටාවකින් හෝ අල්පවු පරිබෝජනයකින් විමුක්තිය සඳහා මාර්ගයවත් දැකිය නොහැකි බව දත් බුදුවරු මද්ධ්‍යස්ථ ජිවිත පැවැත්මක සිට කාලය පුද්ගල සිද්ධි එකින් එකක් එකට බැදී ඇති අයුරු පටිච්ඡ සමුප්පනව මෙනෙහි කරනා ලදි.එය මනාව මෙනෙහි කරිමට ඇති සුදුසුම තැන ගසක් යට බව දත් බුදුවරු ජිවිතය එකින් එකට සම්බන්ධ වී ඇති අයුරුත් නුවණින් මෙනෙහි කරනා ලදි. අප බොහෝ දෑ දකින්නේ හුදකලා අර්ථයෙකිනි.හුස්ම ගැනිම ගමු.එය එකින් එකට බැදුණු ක්‍රියාවලියකි. ශාඛ අපේ හුස්මේ කොටසක් බව අප නොදකි.එසේ වු කළ ධර්මය දැකිය නොහැකිය.මේ සියලු ධර්මතා නුවණින් නොදකින්නෝ අධ්‍යාත්මය පෝෂණය කොට නොගනි එබැවින් අාධ්‍යාත්මය වනසා වන්දධනාව පමණක් කරපින්නා ගත් නාමික බෞද්ධ එහෙත් අබෞද්ධ භාවිතා සහිත වුවෝ බෝහෝ වෙති.එනිසා ගස හුදකලා කොට වන්දනයේ යෙදෙති.එහෙත් පරිසරය වනසා දමති.විසිඅටක් වු ශාඛ පරිසරයේදී මුණ ගැසෙති.එහෙත් ඒහා වු හැගිමක් නොවෙති.බුදුන් වෙනුවට පුදන්නට ඉගැන්වුයේ ගස යනු ඉතා හොඳ ඉගෙනුම් ආදාරකයක් ලෙස ජිතාවබෝධය ලැබිය හැකි අධ්‍යාත්මික ගුණ සිත තුළ වැඩිය හැකි බැවිණි එබැවින් අප අද බෝධිය හුදකලා කොට පුඳමින් විනාඩියකට ගස් තුනක් හතරක් වනසන්නෝ බවට පත්ව ඇත්තේමු.මේ පරිබෝජනවාදයේ ඉහළ යුගයයි.අපි අධ්‍යාත්මය වනසමින් වන්දධනාවේන් අන්දවුවෝ වෙමු.
වෑඳකවල රාහුල හිමි

Comments
Post a Comment