සිංහරාජයේ වල්ලපට්ටා ජාවාරම ජයටම…
සබරගමු
පලාත
හා දකුණු
පලාත
තුල
විහිදී
ඇති
සිංහරාජ
වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්යාත්මක වටිනා කම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය. එනමුත් ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවාරම් හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික්
පතල්
හැරීම
ඇතුළු
නිති
වීරෝධි
ක්රියාවන්
සිදුවෙමින් පවතී.
සිංහරාජ වනාන්තරයේ මහා පරිමානයෙන් වල්ලාපට්ටා ජාවාරමක් සිදුවන බවත්, බලධාරීන් ඒ ගැන නිසි පියවරක් නොගන්නා බවත් වල්ලපට්ටා ජාවාරමට අදාල ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය වෙත ලබා දෙමින් පරිසර හා සොබා දහම් අධ්යයන මධ්යස්ථානය කියයි.එම මධ්යස්ථානය සඳහන් කළේ සිංහරාජය සුරැකීම උදෙසා තමන් ඇතුළු පරිසර සංවිධාන රජයට ලබා දුන් යෝජනාවලියට මේ වන තෙක් පිළිතුරක් ලැබී නැති බවයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සිදුවෙතියි කියන සංහාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම සඳහා මරදාන සමාජ හා සාමයික කේන්ද්රයේ පැවැදි මාධ්‍ය හමුවේදී පරිසරවේදී වෑකඳවල රාහුල හිමි, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ පරිසරවේදී ශානිකා පතිරණ මෙනවිය අදහස් දැක්වූහ.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති සිංහරාජය අවට පරිවාර වනාන්තර කිහිපයක් සිංහරාජයට පවරා ගැනීමට 2004 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලැබී තිබියදීත් අදවනතුරු එම කටයුතු සිදු කර නැතැයි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙලෙස සිදුවන දැව ජාවාරම් හා නිති විරෝධි ක්රියා නිසා මෙහි ජෛව ප්රජාවට හා පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන අතර එය සමස්ථ ලංකාවට මෙන්ම ලෝකයටම මෙම පරිසර පද්ධතියේ විනශය හානිකාරී ලෙස බලපානු ලබයි .
.එමෙන්ම දිනෙන් දින විනාශ වන ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ල කරුවන්ට හා දැව ජාවරම් කරුවන්ට පාරාදීසයක් වන්න්ට ඉඩහැර බලා සිටීමෙන් සිදු වන්නේ ලෝකයටම වටිනා පරිසර පද්ධතියක් අහිමි වී යාමයි.
Comments
Post a Comment