පෙදෙන් ගිලිහුණු මොනර වන්නම



නිමිත්ත: උසස් පෙළ සිංහල විෂය උගැන්වීමට පැමිණි ආධුනික ගුරුවරියකට මාස සයක වැටුප් දී නොමැති අගනුවර තදාසන්න බාලිකා විද්‍යාලයක් පිළිබඳ නොනිල තොරතුරක් වාර්තා වේ


මොනර හඬ පරයන්න අකුරු උඩදැම්මේ
මොනරු නැටුවාවත් ද පිනට වැහි වැම්මේ
මොනරු නෑ එකෙක්වත් ගිහින් උන් පිම්මේ
මොනර තටු හතර අත විසිවුණා අම්මේ

අ යනු ආ යනු තබා ඉ යනු ඊ යනු මදක් කියවා
පටාචාරාව ගෙන අනෝමා ගංතෙරේ හිඳුවා
අතින් තුඩ ගගා ගොස් කුමරි පැටිකිරිය ගෙන ගලවා
මහප්‍රාණෙට ගසා අල්පප්රාණය ගතිමි මුදවා

සිංහයගෙ සහතිකේ නැතිව පිනට ඉස්කෝලෙ ආ හින්දා
වයිස් ප්රිෙන්සිපල්ලාගේ පඩික්කම මං පිටට ඇද්දා
හුස්ම ගත්තත් සැරෙන් රවන ඇස් අතරින් ම ලිස්සා
ඒ ලෙවල් හෝඩියේ වන්නමෙන් කරලියට බැස්සා

ඉස්කෝලෙ ලොකු ම ලොකු තට්ටෙ වගෙ පිට්ටනියෙ එහාටත් මෙහාටත් ඇවිදලා
කොටු පොතේ පියාඹපු ඇට්ටර ම ගිරවියට හොඳ හිතින් තද දඬුවමක් කළා
ආචාරි හුණු කොට්ටෙ පිටි හලපු රැස්වීම වරෝ වර කියනමුත් කැන්දා
වන්නමට පය ගැසූ ඇසිල්ලයි, සෙබඩ සිය මොනර තටු සින්දා!


-ඩිල්ෂානි චතුරිකා දාබරේ-




Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...