ලෝක උරුම සිංහරාජය තවත් එක් බිල්ලක් කරගැනීම හෙලා දකිමු...


                  බාල  මහළු  අප  සෑම  සියළුදෙනා  යමක්  කමක්  තේරුම්  ගන්නට  හැකියාවක් ලැබුණු  මොහොතේ සිට දැනුම සොයා යාම සිදු කරයි. එසේ දැනුම ලුහුබැඳ යන ගමනේදී ලංකාවේ මෙන්ම ලෝකයේ තතු විත්ති සොයා යාමට උනන්දුවක් දක්වයි.මේ ලෝක උරුමයක් වනසන තැතක් පිළිබඳව විස්තරයකි.

                         ලොකු කුඩා බාල මහළු මෙකී නොකී සෑම සියළුදෙනා හොදින් දන්නා පරිදි ලෝක උරුම සිංහරාජය විනාශ කල නොහැකිය. නමුත් එසේ විනාශ කල නොහැකි සිංහරාජය අද ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි.රටේ වගකිවයුත්තෝ ඊට උදව් උපකාර කිරීම අප හෙලා දැකිය යුතුමය. හෙලා දැකීමෙන් පමණක් නතර නොවී ඊට එරෙහිව ක්‍රියා කල යුතුය. මේ එවැනි ප්‍රයන්තයකි.

                               හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහරාජයට අයිතිව තිබූ වනාන්තර ගණනවක් පුරා විසිර ඇති සිංහරාජය මෙර ඇති ප්‍රාථමික නාන්තරයක් වන අතර එය  මිනිසා සහ ජෛව ගෝ රක්ෂිතයක් ලෙස  හදුන් වනු ලැබේ. සියයට පහකට වැඩි අවෙිණික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථායක් වන මෙි සියයට 70 පමණ ආවේණික ශාක විවිධත්වයක් දැක ගත හැකිය.

                                    එෛතිහාසික වශයෙන් වසර කොටි 15 පමණ පෙර සිංහරාජය ගොඩිවානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සමිබවය වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොයිදුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත.

                        නිරිත දිග මෝසමින් හා ඊසාන දිග මෝසමින් ඉහළ වර්ෂාපතනයත් ලැබු සිංහරාජ වනාන්තරය වර්ෂාපතන මටිටම ක්රමානු කූලව වෙනස්වෙමින්  හා අඩුවෙමින්  යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසාමය. මෙම වනාන්තරය තුලින් ගිංගගේ හා කළු ගගේ ප්රදාන ජලපෝෂක ආරම්භ  වන අතර  විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි .

                     කොස් ගුලන ගග, කුඩව ගග, පිටකැලේ ගග, කළුකන්දාව ඇල, නාපොල දෙළ,  මහ ගග, ආරනුව දෙළ, ගිංගග, ආරනු දොල වැනි ජල පොෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත් වල වැසි ලැබීමට අවශ් ජිවී ක්රීයාවලිය ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වෙිදව ක්රීයාවලිය මගින් සිදුවෙි .

                                     සිංහරාජය තුල ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇත. මෙම වනාන්තරය පුරා පෘෂ්ට වංශික සත්ව විශේෂ 260 පමණ වාර්ථා වී ඇති අතර එයින් 74 පමණ ලංකාවට අවෙිණික සත්ව ඛාණ්ඩ ලෙ සැලකේ

                       වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය හා එහි සත්ව විශේෂ ආරක්ෂා කරගැනීමෙි අරමුනින්  1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සමිමුතියට අත්සන් තබා ඇති අතර , පරියටන පක්ෂින් පිළිබද බොන් සමිමුතිය 1990, දේශගුණිත විපර්යාස සම්මුතිය  1992, මිනිසා සහ ජෛව ගොල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂ  වල ජාත්යන්තර වෙළදාම  පිළිබද සමිමුතිය 1979 වැනි සමිමුති ගණනාවකට ලංකාව අත්සන් බා ඇති  අතර මෙහි සදහන් සියල්ල සිංහරාජයට අදාළ ජාත්යන්තර සමිමුතීන් වේ. මෙම සමිමුතීන් වලට අනුවද සිංහරාජය විනාශවන අයුරින් කිසිදු ක්රියාවක් කිරී සපුරා තහනම් වේ.

                       පොත්වල මෙන්ම සම්මුතීන්වල සිංහරාජය විනාශ කිරීම තහනම් කල අද වන විට එය හුදෙක්ම සම්මුතිකට පොතකට පමණක් සීමා වී ඇත. අද වන විට සිංහරා වනාන්තරයේ පේරණ කාලාපයට අයත් සිංහරාජ ලංකාගම සිට  කැකුණ ඇල්ල හරාහා මාර්ගයක් ඉදිකරමින් මේ වනවිට පේරණ කලාපයේ දැවැන්ත වන සංහාරයක් සිදුකරමින් සිටි බව මරදාන CSR හි දී පවතවන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී  පූජ්‍ය වෑකදවල රාහුල හිමියන් ප්‍රකාශ කරන ලදී. තව දුරටත් අදහස් දැක්වූ   හිමියන් ප්‍රකාශ කලේ  සිංහරාජයේ පේරණ කලාපයේ ලංකා ගම සිට මෙිදෙරි පිටිය දක්වා මාර්ග ඉදිකිරීම සදහා මේ වන විට උත්සහ දරමින් සිටින අතර මෙම මාර්ගය. ඉදිකිරීම  දෙදහස් දාහතර වර්ෂයේ පරිසරවෙිදීන්ගේ බලපෑම මත යට ගිය අතර එම ඉදිකිරීමි නිති විරෝධි නිසාවෙන්ම නවතා දැමීමට රජයට සිදුවිය . නමුත්  එම මාර්ගය නැවත වරක් ඉදිකිරීමට ආරම්භ  කිරීම තුලින් දැවැන්ක පාරිසරික හානියක් සිංහරාජ ලෝක උරුම වනපෙත  තුල මේ වන විට සිදුවෙමින්  පවති.

                    මෙයට අමතරව සිංහරාජයේ කුඩව  ප්රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකායැයි පවසමින්  ලෝ උරුම වනාන්තරය ඇතුලත කිලෝ මිටර් දෙකක් පමණ දිග මාර්ගයක් මේ වන විට ඉදිකරමින් ඇත. මේලෙ ඉදිකරන මාර්ගය අඩි අටක පලලින් යුක්ත මාර්ගයක් වන අතර වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි මැදිහත් වීම මත ඩොසර් යොදා ගනිමින් ඉතා සංවේදී පරිසර පද්ධතියක් වනමින් සිටි. වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි අභ්යන්තර ආරංචිමාර්ග වලට අනුව මෙය ලෝක බැංකු ව්යාපෘතියක ගිවිසා ගැනීමෙ කොටසක් ලෙස මෛත්රි රනිල් වු විසින් අද වන විට සිදුකරමින් තිබේ.

                    දේශගුණික විපර්යාස අවම කිරීම සදහා යනුවෙන් දකුණු ආසියාවෙි රටක් වශයෙන් ලංකාව මුල්කරගනිමින් ආධාර මුදල් ලබා දුන් ESCAMP ව්යාපෘතිය  නැත්නම් පරිසර සම්පත් සංරක්ෂණය හා කළමණාකරණය සදහා වන ලෝක බැංකු ව්යාපෘතිය යටතේ මෙය සිදු කරමින් ඇත.

                    මෙම මාර්ගය ඉදිකර සංචාරකයින්ගේ පහසුව තකා කොන්ක්රීටි ගල් අතුරා  සකස් කිරීමට මෙිවන විට වන සංරක්ෂණ බලධාරීන් තීරණය කර ඇති අතර  මෛත්රී ජනපති හා රනිල් වික්රමසිංහ ඇගැමතිගේ පුර්ණ දායකත්වය හා අනු දැනුම මත මෙය ඉදිවෙමින් පවතී. මෙම මාර්ගය ඉදිකිරිමෙන් අනතුරුව  විදුලි කාර් රථ සංචාරකයින් වෙනුවෙන් ධාවනය කිරීමට මෙහි බලාපොරොත්තු වේ.

                        2011-2030 ජාතික භෞතික  සැළස්ම අනුව සිංහරාජයේ මාර්ග තුනක් ඉදිකිරීමට නියමිත බව අප 2013 වර්ෂයේදි පෙන්වා දුන් අතර  මේ ඉදිවන්නේ සිංහාරජය දෙබෑ කරන දෙවන මාර්ගයයි.

                  නමුත් මෙම නෙයිදුල් වනාන්තරය විනාශ කිරීම අද විට වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවේ  අධ්යක්ෂක වරයා සදාරණිකරණය කරමින් සිටින අතර ලෝක බැංකු මුදල් වලට යට වෙමින් අදවන විට මෙම දැවැන්ත වටිනාකමක් සහිත පරිසර පද්ධතිය විනාශ කරමින්න් සිටි.

                     තවදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී වෑකදවල රාහුල හිමියන් ප්‍රකාශ කලේ සිංහරාජයේ අලි දෙදෙනාගේ ජීවිත සුරක්ෂිතතාවය පිලිබදව අවදානය යොමුකළ යුතු බව ප්‍රකාශ කරන ලදී. එහිදී උන්වහන්සේ සදහන් කලේ මෙම අලි දෙදෙනා වැසි වනාන්තර වල ජීවත්වන දැනට ලංකාවේ සිටින එකම අලි දෙදෙනා බවයි.

                 මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී මාධ්‍යවේදී මහත්මයෙකු විසින් නැගූ  නකල්ස් ඉඩම් පවරා ගැනීම පිළිබඳව වූ  අතුරු පැනයකට පිළිතුරු දෙමින් පරිසරවේදී ශානිකා පතිරන මෙනවිය සදහන් කලේ පිළිබඳව මානව හිමිකම් කොමිසම් සහාවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවත් ඊට අදාළව ගිය මාසයේ සියලුම පාර්ශවයන් පැමිණි බවය.එහිදී ඔවුන් ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමට සූදානම් බව පැවසූ බවත් ප්‍රකාශ කල එම මෙනවිය තව දුරටත් සදහන් කලේ ඊට අදාල තොරතුරු මේ දිනවල සකස් කරන බවයි.

       
සටහන
ගයනි ගරුසිංහ
      





  

 

 


Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්