මගේ පණ....
සෙව්වන්දි හෙට්ටිආරච්චි
සොබාදහම් පාසල
සරදම් ඇයිද හිරු මෙතරම්
කාෂ්ටක වූයේ කිම මිහිකත මෙතරම්
උහුලන්නට හැකිද දුක් මෙතරම්
සමාවෙන්න අපි තව දුප්පත්
අකුරු ඇහින්දෙමු නුඹ
ඉහුලූ දුක් හින්දා....
තවමත් පිහිනන්නෙමු අකුරු සයුරෙ
එතරක් නැති හන්දා....
සරදම් එපා ඔහු නැහැන්නෙ
අපි හන්දා ......
සැඩ හිරු යට සෙවන රැන්දූ
නුඹෙ සෙනෙහේ
මුවින් සගවා දෙනෙතේ ලියවූ
නුඹෙ සෙනෙහේ
දෑස් වසා හදින් ගැලූ
නුඹෙ සෙනෙහේ
අරුතක් කොහෙද සැඟවූ
සෙනෙහේ....
අත ගා බලන හැම වී කරලක
සැගවුණෙ අපෙ අකුරක අයිතිය නොවෙද
නැහුනට මෙතරම් නුඹ
ඒ වී ඇටයට දුන්නෙද මිලක්
මහ උදවිය ....
කතා මොටද තව කීමට මට
ඉන්න හිතෙන රටක් තිබ්බෙ
නුඹ හින්දා මට.........
හොරකම් නැති
දූෂණ වංචා නැති
රජ නුඹ හැර වෙන කවුරුද
මේ මට..............
පොළවෙන් නොව නුඹ උපන්නෙ
පිංබර කුසක......
ඉතින් නුඹ හැර
වෙන කවුරුද රජ මට
මගේ පණ....
Comments
Post a Comment