Posts

Showing posts from November, 2021

නිරෝගීකම උතුම්ම ලාභයයි

Image
  නිරෝගීකම  උතුම්ම ලාභයයි. ========================= සොබාදහම් පාසලේ සහරක්ෂි වැඩපිළිවෙළ යටතේ අයුපෝෂණ ගෙවත්ත මල් පිපී ඵල දරණ සමය එළඹ ඇත.ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා,වර්ධනය කරන ගෙවත්තක හිමිකාරිත්වය සිතට එක්කරන්නේ අභිමානයකි. මවක් ලෙස දරුවන්ට වගේම ආදරනිය සවමියාටත් ඥාති අසල්වැසියන් සමග ගුණාත්මක ආහාරයක් භෙදා හදා ගැනිම ජිවිතයේ සතුටක් යයි මා සිතමි  මෙවර කඨින පිං කමේ විශේෂත්වයක් ලෙස අයුපෝෂණ ගෙවතු සමාජිකතවය සහ ගෙවත්ත පදනම් කරගත් දාන උපකරණ සකසා දානයට පිළිගැන්වීමට අප කටයුතු කළෙමු . නිවසේ වගා කරන වස  විෂෙන් තොර නැවුම් එළවලු, පලතුරු වලින් දානය පිළියෙල කිරීම (කෙසෙල් මුව, තිබ්බටු, කලවම් පළා, මුං පොළොස්,......ආදීය භාවිතා කිරීම)රස කාරක, වර්ණ කාරක භාවිතා නොකළ අතර ප්ලාස්ටික්, ඇලුමිනියම් භාජන වලින් තොරව මැටි බදුන් වල ආහාර පිළියෙළ කිරීම හා පිළිගැන්විම සිදු කරන ලදි.  දාණය පිලිගැන්විම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ගමේ තරුණ පිරිස කටයුතු කරන අතර ගිහි පැවිදි හැමෝටම වැදගත් සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර අවශ්‍යතාව පිළිබදව සාකච්ඡාවක් වෑකඳවල රාහුල හිමි සහ කරාපිටිය රෝහලේ වෛද්‍ය අනුසා මහත්මිය එක්ව සිදු කරන ලදි. එම සාකච්ඡා ඉතා වැ

විශ්ව පරිගණක ඒකකයේ දරුවන් සමග පැමිණි පාරිසරික අධ්‍යන චාරිකාව අතරතුර

Image
 

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලාංකික ළමා පරපුර

Image
       දරුවකු යනු, අනගතය උදෙසා කරන ආයෝජනයකි.කුඩා කළලයක් කෙමෙන් වර්දනය වී අනතුරුව විශාල සමාජයට ඇතුළු වන තෙක් අප ඔවුන්ව රැකබලා ගත යුතුය.ආදරය,අවධානය ලබා දෙමින් අනාගත ලෝකය වෙනුවෙන් අපේ දරුවන් සූදානම් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතුකමකි.ලොව පුරා බිලියන 2.2 ක් සිටින ළමා ජනගහනයෙන් බිලියන දෙකක් පමණ ළදරුවන් ජීවත් වන්නේ සංවර්ධනය  වෙමින් පවත්නා රටවල්වලයි.                      මේ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගත තත්වය හමුවේ අපගේ ළමා පරපුර මුහුණ දෙන මානසික,සමාජීය වශයෙන් වෙනසට බදුන්ව ඇත.අප රට තුළ මිලියන හතරක පමන දරුවන් කොවිඩ් 19 තත්වය නිසා පාසල් නොයයි.ඔවුන් වැඩිදෙනා online අධ්‍යාපනයට නැබුරුව ඇත.එහි අතුරුඵලයක් නිසා ළමා අපචාර සහ හිංසනයෙන් විශාල වශයෙන් වැඩිවී ඇතිබව EURPOL වාර්තා මගින් පෙන්වා දෙයි.              ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන් සිටින පවුල් වලින් 66% කට අන්තර්ජාල පහසුකම් නැත. දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල් වල මෙම තත්වය විශාල ගැටලුවක්ව පවතී.          මෙම දුරස්ථ අධ්‍යාපනය හරහා ධනාත්මක මෙන්ම ඍනාත්මක ප්‍රතිචාරද මතු කරයි.ආසියතික සමාජය තුල කුඩා දරුවන් මුහුණ දෙන බරපතල ගැටලු පවුල් පසුබිම සමග ගොඩනග