කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලාංකික ළමා පරපුර



       දරුවකු යනු, අනගතය උදෙසා කරන ආයෝජනයකි.කුඩා කළලයක් කෙමෙන් වර්දනය වී අනතුරුව විශාල සමාජයට ඇතුළු වන තෙක් අප ඔවුන්ව රැකබලා ගත යුතුය.ආදරය,අවධානය ලබා දෙමින් අනාගත ලෝකය වෙනුවෙන් අපේ දරුවන් සූදානම් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතුකමකි.ලොව පුරා බිලියන 2.2 ක් සිටින ළමා ජනගහනයෙන් බිලියන දෙකක් පමණ ළදරුවන් ජීවත් වන්නේ සංවර්ධනය  වෙමින් පවත්නා රටවල්වලයි.           

          මේ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගත තත්වය හමුවේ අපගේ ළමා පරපුර මුහුණ දෙන මානසික,සමාජීය වශයෙන් වෙනසට බදුන්ව ඇත.අප රට තුළ මිලියන හතරක පමන දරුවන් කොවිඩ් 19 තත්වය නිසා පාසල් නොයයි.ඔවුන් වැඩිදෙනා online අධ්‍යාපනයට නැබුරුව ඇත.එහි අතුරුඵලයක් නිසා ළමා අපචාර සහ හිංසනයෙන් විශාල වශයෙන් වැඩිවී ඇතිබව EURPOL වාර්තා මගින් පෙන්වා දෙයි. 

            ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන් සිටින පවුල් වලින් 66% කට අන්තර්ජාල පහසුකම් නැත. දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල් වල මෙම තත්වය විශාල ගැටලුවක්ව පවතී. 

        මෙම දුරස්ථ අධ්‍යාපනය හරහා ධනාත්මක මෙන්ම ඍනාත්මක ප්‍රතිචාරද මතු කරයි.ආසියතික සමාජය තුල කුඩා දරුවන් මුහුණ දෙන බරපතල ගැටලු පවුල් පසුබිම සමග ගොඩනගයි.

           කොවිඩ් වසංගත තත්වය පටන් ගැනීමත් සමග බොහෝ පුද්ගලයන ආර්ථික කඩාවැටීමකට ලක්විය.එමෙන්ම බොහෝ දරුවන්ගේ දෙමාපියන් රැකියා විරහිත බාවයට පත්වූ ආකාරය ෙඛදජනකය.මානසික ආතතිය, කුසගින්න හමුවේ දරුවන්ට මනෝ සමාජීය ගැටලු වලට මුහුණ දීමට සිදු විය.ඇතම් අවස්ථා වලදී සිය අධ්‍යාපනය අතරමග නවතා දමා ලමා ශ්‍රමිකයන් ලෙස පවුලේ ජීවන සටනට උරදීමට පෙලඹුනු අවස්ථා ඇත.

              පාසල තුළ සිය යහලු හිතමිත්‍රාදීන් ඇසුරු කිරීම, ගුරුවරුන් -ශිෂ්‍යයන් අතර පැවති සබඳතා දුරස් වීම නිසා දරුවන් මානසික ව්‍යාකූල තත්වයකට පත්ව සිටී. එබැවින් පාසල යනු, ගෘහස්ථ හිංසනයට ලක්වන දරුවන්ගේ ක්ශේම භූමියයි.

         දරුවන්ගේ කායික සුවතාවය වර්දනය කිරීම සදහා ආරක්ශිත අයුරින් එන්නත්කරණය සිදු කිරීම, මුඛ ආවරණ නිසි අයුරින් භාවිතා කිරීම මෙන්ම නිවසින් පිටත ස්ථාන වලදී මීටරයේ පරතරය පවත්වා ගනිමින් කටයුතු කිරීම වැදගත් වේ.ශාරීරිකව ශක්තිමත් වීමට අවශ්‍ය ව්‍යායාම සහ ක්‍රීඩා කරමින් හැකිඅයුරින් පෝශ්‍යදායී අහාර වේලක් ලබා ගැනීම අනිවාර්ය වේ.

              අවසාන වශයෙන් පවතින කොවිඩ් සමය තුළ ඍණාත්මක නොවී ධනාත්මක අයුරින් එකිනෙකාගේ වගකීම් ඉටු කිරීම වැදගත් වේ.එබැවින් ලොකු කුඩා සියලු දෙනා එකිනෙකාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කල යුතුය.එවිට නොබෝ දිනකින් නැවතත් සියලු දෙනාටම නිදහස් වටපිටාවක් සහිත ජීවිතයක් උරුම වනු ඇත.

                                                                                                                        විශ්මි ගීෂා

                                                                                                                සොබා දහම් පාසල

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්