නිරෝගීකම උතුම්ම ලාභයයි

 



නිරෝගීකම  උතුම්ම ලාභයයි.

=========================

සොබාදහම් පාසලේ සහරක්ෂි වැඩපිළිවෙළ යටතේ අයුපෝෂණ ගෙවත්ත මල් පිපී ඵල දරණ සමය එළඹ ඇත.ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා,වර්ධනය කරන ගෙවත්තක හිමිකාරිත්වය සිතට එක්කරන්නේ අභිමානයකි.


මවක් ලෙස දරුවන්ට වගේම ආදරනිය සවමියාටත් ඥාති අසල්වැසියන් සමග ගුණාත්මක ආහාරයක් භෙදා හදා ගැනිම ජිවිතයේ සතුටක් යයි මා සිතමි 


මෙවර කඨින පිං කමේ විශේෂත්වයක් ලෙස අයුපෝෂණ ගෙවතු සමාජිකතවය සහ ගෙවත්ත පදනම් කරගත් දාන උපකරණ සකසා දානයට පිළිගැන්වීමට අප කටයුතු කළෙමු .


නිවසේ වගා කරන වස  විෂෙන් තොර නැවුම් එළවලු, පලතුරු වලින් දානය පිළියෙල කිරීම

(කෙසෙල් මුව, තිබ්බටු, කලවම් පළා, මුං පොළොස්,......ආදීය භාවිතා කිරීම)රස කාරක, වර්ණ කාරක භාවිතා නොකළ අතර ප්ලාස්ටික්, ඇලුමිනියම් භාජන වලින් තොරව මැටි බදුන් වල ආහාර පිළියෙළ කිරීම හා පිළිගැන්විම සිදු කරන ලදි.


 දාණය පිලිගැන්විම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ගමේ තරුණ පිරිස කටයුතු කරන අතර ගිහි පැවිදි හැමෝටම වැදගත් සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර අවශ්‍යතාව පිළිබදව සාකච්ඡාවක් වෑකඳවල රාහුල හිමි සහ කරාපිටිය රෝහලේ වෛද්‍ය අනුසා මහත්මිය එක්ව සිදු කරන ලදි.


එම සාකච්ඡා ඉතා වැදගත් එකක් බවට පත්වුයේ අප නොදත් පැරණි ආහාර පුරුදු සහ පුරවැසියන්  ආහාර පිළිබදව වගකිමෙන් කටයුතු කර ඇති බව රාහුල හිමිගේ පෙන්වා දිමත් වෛද්‍ය තුමිය වර්තමාන ආහාර කල්තබා ගැනිමේ ක්‍රම සෞඛ්‍යාරක්ෂිත නොවන බවත් විශෙශ්ෂයෙන් රසකාරක වර්ණකාරක බවිතාව හෙතුවෙන් ආහාර විෂ සහිත දෙයක් බවට පත්ව ඇති බවත් එම ආහාර ලබා ගැනිම ශරීරයේ අභ්‍යන්තර අවයවට හානිදායක වන බවයි.ස්නික ආහාර සහ එකම අන්තර්ය සහිත  විවිධ හැඩති ආහාර සමබර ආහාර වෙලක අවශ්‍යතාවය සම්පුර්ණ නොකරන බව පෙනවා දෙන ලදි.


අයුපෝෂණ ගෙවත්ත ශක්තිමත්ව ඉදිරියට යායුතු බවත් සමාජයේ බොහෝ පිරිස් යම් වැඩකට එකතු වන්නේ තමන්ට යමක් ලැබේනම් පමණක් බවත් එය ගිහි පැවිදි සැමෝගේම වර්තමාන සවභාවය වී ඇති බවද අම්මාවරු පියවරු වැඩිහිටියන් ගිහි පැවිදි සෑම සමාජ වගකිම වෙනුවෙන් මැදිහත් විය යුතු බව සාකච්ඡාව තුළ පෙන්වා දෙන්නට යෙදුණි.මවක් ලෙස මම මගේ නිවසේ ආහාර රටාව වෙනස් කරගමින් තිබෙන ඉඩ තුළ වගා කරමින් සතුටින් මෙම සත්කාරය සමග එක්ව සිටිමි.

       ජේ.කේ.පි.සුජිවා ශ්‍රිමාලි






Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්