ආයු පෝෂණ ගෙවත්ත

ආයු පෝෂණ ගෙවත්ත

 ප්‍රධාන වශයෙන් ආයු පෝෂණ ගෙවත්තේ සංකල්පය වන්නේ මිනිසා මෙන්ම අනෙකුත් සතාසීපාවා ද ගහ කොල ද වඩා නිරෝගීව සිටීම පරිසර පද්ධතියක පැවැත්ම සඳහා ඉතා වැදගත් බවයි. එහෙයින් එය පෝෂණය කිරීම සඳහා ආයු පෝෂණ ගෙවත්ත සංකල්පය සොබා දහම් පාසල විසින්  මේ වන විටත් ප්‍රයෝගිකව ආරම්භ කර ඇත.

  ආයු පෝෂණය යන්නෙන් අර්ථවත් වන්නේ ආයු පෝෂණය කිරීම හෙවත් ආයු වර්ධනය කිරීම යන්නය . යමෙකුට ලැබී ඇති ජීවිතය නිරෝගීමත්ව පවත්වාගෙන යාම තුළින් වඩා නිරෝගී  දිගු ආයු කාලයක් වැළඳිය හැකිය. එසේම එය වඩා ඵලදායි ආයෝජනයක් ලෙස  යොදාගත හැකිය . 

  පරිසරයේ සමතුලිතතාව රැඳී ඇත්තේ එහි පද්ධතික ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වන්නේ නම් පමණකි.ඒ සඳහා ප්‍රධාන සාධක තුනක් අත්‍යවශ්‍ය වේ විවිධත්වය සංරක්ෂණය සහ ප්‍රතිචක්‍රිය  කරණය   හෙවත් ප්‍රති උත්පාදනයයි.  


විවිධත්වය යන්නෙන්  අර්ථවත් වන්නේ සත්ව ශාක විවිධත්වය සේම පොදු මිනිස් සමාජයක් ගත් කල ජාති ආගම් කුල පක්ෂ පාට ස්ත්‍රී පුරුෂ ආදී විවිධ වෙනස්කම් එසේත් නොමැති නම්  වෙනස් විදියේ හැඩය පරිසර පද්ධතියක තුලිතතාව රඳා පවත්වා ගැනීමට හෙතුවේ.


 පද්ධතියේ පවතින්නාවූ ශාක සත්ව ගහනයන් හි විවිධත්වය පැවතිය යුතුය .ආහාර දාම සහ ආහාර ජාල නිර්මාණය වන්නේ මෙසේ සඳහන් කරන විවිධත්වය පදනම් කරගෙනය පොදු මිනිස් සමාජයක් ගත් කල ඉහතින් සඳහන් කළ පරිදි විවිධත්වය 


එම සමාජ පරිසරයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා


 සමාජය පරිසරය වර්ණවත් කිරීම සඳහා 


සමාජ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා


 ඉතා වැදගත් වනු ඇත .


එසේනම් විවිධත්වය යන සංකල්පය පරිසර පද්ධතික ක්‍රියාවලියකට පමණක් සීමා නොවන්නකි.

  අනිත් කාරණාව නම් සංරක්ෂණයයි. සංරක්ෂණය යන අර්ථකථනය කරන විට සං රක්ෂණය ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය සංරක්ෂණය කිරීම හෙවත් ආරක්ෂා කිරීම සංරක්ෂණය ලෙස සරලව අර්ථ කථනය කළ හැකිය .

පරිසර පද්ධතියක සංරක්ෂණය යනු

 පාංශු සංරක්ෂණය 

ජල සංරක්ෂණය 

ජීවීන් සංරක්ෂණය 

ශාඛ ප්‍රජාව සංරක්ෂණය

 විවිධත්වය සංරක්ෂණය 

නිර්මාණාත්මක සංරක්ෂණය  

පෝෂණය සංරක්ෂණය 

 ආදී ලෙස විවිධ කාරණා වඩා විධිමත් ලෙස ආරක්ෂා කර තැබීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.පොදු සමාජය ගත් කල එහිද සංරක්ෂණය කළ යුතු කාරණා බොහොමයකි. උදාහරණයක් ලෙස මිනිසාගේ පැවැත්ම සඳහා  පාරිසරික සංරක්ෂණය අත්‍යවශ්‍ය සාධකයකි තවත් ලෙසකින් ගතහොත් දැනුම අවබෝධය මනුෂ්‍යත්වය  සහ හැකියාවන් සංරක්ෂණය මිනිස් සමාජයක පැවැත්මට අවශ්‍ය සාධකයන් වේ .

ප්‍රතිචක්‍රිය කරණය යන්නෙන් අදහස් වන්නේ නැවත නැවත භාවිතයට ගැනීමයි  චක්‍රීය ක්‍රියාවලියක් බැවින් ප්‍රතිචක්‍රිය  කරණය ලෙස හැඳින්වේ .එනිසාම  ප්‍රති උත්පාදන ක්‍රියාවලිය ලෙස ද නම් කළ හැකිය. එහිදී සිදුවන්නේ යම් දෙයක් නැවත නැවත චක්‍රිය ක්‍රියාවලියක් තුළ නිෂ්පාදනය වීම හෝ උත්පාදනය වීම ය.


 පද්ධතික ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්නේ ම සේ චක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක වන නැවත නිෂ්පාදනය වීමේ හෝ උත්පාදනය වීමේ හැකියාවයි .මෙය මහපොළොව සතුන් විශ්වීය හැකියාවක් ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන් ඉහතින් සඳහන් කළ පරිදි ආහාර දාම සහ ආහාර ජාල ක්‍රියාවලිය තුළ පාරිසරික  පද්ධතියක් ගොඩනැගෙන්නේ කෙසේද යන්න අපට අධ්‍යයනය කළ හැකිය. එකිනෙක අතර පවත්නා සම්බන්ධය තව දුරටත් තහවුරු කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවීම මෙහිදී අදහස් කෙරේ පාරිසරික ගොවිතැනේ දී මෙන්ම සමාජමය කාර්යභාරයේ දී චක්‍රීකරණය එසෙත් නැත්නම් ප්‍රති උත්පාදන ක්‍රියාවලිය අධ්‍යාපනය ප්‍රයෝගික භාවිතයන් හෝ ඕනෑම අවස්ථාවක නැවත නිර්මාණය වීමක් ලෙස විග්‍රහ කර ගැනීමට අපට හැකිය.

  ඉහතින් සඳහන් කළ ප්‍රධාන කාරණා තුන අරඹයා  ගොඩනැගෙන ආයු පෝෂණ ගෙවතු සංකල්පය තුළින් මන්ත්‍රණය කරනු ලබන්නේ හුදු මිනිසාගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු වූ ආයු පෝෂණයක් වෙනුවට සමස්ත  සමාජය ඇතුළු ගහකොළ සතා සිවුපාවා ගේද අයිතිය සුරක්ෂිත වූ මහපොළොව සුවපත් කරන්නාවූ ගොවිතැන් ක්‍රියාවලියකි .ඒ තුළ ස්වභාදහම ඇතුලු සමස්ත පරිසර පද්ධතියම කෙරෙහි 

 අවධානය යොමුකරන අතර අයු පෝෂණය වන්නේ සමස්ත පද්ධතික ක්‍රියාකාරිත්වයකයයි.  අධ්‍යාපනය වේවා කෘෂිකර්මාන්තය වේවා වෙනත් වෘත්තියක් වේවා සියලු ක්‍රියාදාමයන් තුළ ආයු පෝෂණය වන්නේ කෙසේද යන්න ආයු පෝෂණය ගෙවත්ත යන සංකල්පය තුළින් සමාජගත  කිරීමට උත්සාහ ගත යුතුය. ආයෝජන ගෙවත්තේ මූලික අදහස වස විසෙන් තොර ආහාර වේලක් නිවසට සපයා ගැනීම වුවද ඉහතින් සඳහන් කළ මහා දේශපාලන සාකච්ඡාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු වන බව ඔබට පැහැදිලි වනු ඇත.


  විශේෂයෙන් වර්තමානය වන විට ලෝක සංවර්ධන ආර්ථික සැලසුම් තුළින් සවභාදහම ඇතුළු සමස්ත සත්ව ප්‍රජාවට අහිමිවන ජීවිත අයිතිය සුරක්ෂිත කිරීම ආයු පෝෂණ ගෙවත්ත තුළින් මන්ත්‍රණය කිරීමට  අප බලාපොරොත්තු වෙමු  ආයු පෝෂණ ගෙවත්ත යනු තවදුරටත් මිනිසාගේ ආහාර අයිතිය ගැන පමණක් කතා කරන සුළු කාරණාවක් නොවේ. එය සමස්ත ලෝක පරිසර පද්ධතිය සුවපත් කරන සමස්ත ලෝක පරිසර පද්ධතියේ ආයුෂ වර්ධනය කරන කිුයාවලියක් බව සදහන් කිරීමට කැමැත්තෙමු  ගෙවත්තට පමණක් සීමා නොවූ සමස්ත පරිසර පද්ධතික ක්‍රියාවලියක් ආමන්ත්‍රණය කිරීම වෙනස් ආකාරයක දේශපාලනික මන්ත්‍රණයකි. විකල්ප දේශපාලන ප්‍රවේශයක් සඳහා පාරිසරික ගොවිතැන ව්‍යාප්තිය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර ආයු පෝෂණ ගෙවත්ත ඒ සඳහා මූලාරම්භයක් පමණක් බව ද සඳහන් කරමු.


          මෙම අදහස් පෙර දැරිව ආයුපෝෂණ ගෙවත්ත බීජයක් ලෙස පැල කරමු.

                      නදීරා ප්‍රියදර්ශනී…



































Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්