සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය



 සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය


 ගමරාළගේ   වන්ගෙඩිය වගේ

 වර්තමානයේ ලොකු කුඩා අපි හැමෝගේම ජිවිත සරල නැත.ජිවිතයේ සාර්ථකත්වය තීරණය කිරිම එකතු කර ගන්නා භාණ්ඩ මත තීරණය වෙයි එනිසා වැඩි වැඩියෙන් බාණ්ඩ එකතු කිරිමට මුදල් හම්බ කළ යුතුය .මුදල් එකතු කිරිමට නම් දවසේ වැඩි  කාලයක් වැය කිරිමට සිදුවේ .අධිපරිබෝජන රටාව තුළ බොහෝ දෙන ගොදුරු බවට පත්ව ජිවිතයේ සතුට විවේකය ආදරය අහිමි කර ගනිමින් තිබේ.ජිවිතය අහිමි කරගත් වැඩිහිටියන් දරුවන්ට සාර්ථකත්වය පෙන්වා දෙන අධ්‍යාපනය වන්නේ තරඟකාරීව අනේකාට නැති දෑ . අනේකාට අහිමි අවස්ථා  තමා වටා එකතු කිරිමේ සාර්ථකත්වයයි. එසඳහා ළමයාගේ ළමා කාලය පාගා පොඩි කර ගෙන වුව ගමන් කිරිමට වැඩිහිටියන් මේ සමාජ ක්‍රමය තුළ පොළොබවා ඇත.ගමරාළගේ ගෙදර භාණ්ඩ ගොඩක් නැත.එකම වන්ගෙඩිය වැඩ ගොඩක් කිරිමට බවිතා කරයි.ගමරාළගේ නිවසේ බොහෝ දේ නැවත නැවත බවිතයට ගනි. ගමරාළ තමා අවට ගහ කොළ සතා සිවුපාවා සමඟ එකට ජිවත්වේ .තමා අතින් යම් හානියක් පරිසරයට වන විට ගමරාළ   නැවත එය පුරවා තැබිමේ ගුණය ඔහු සතුය.විවේකය සතුට ආදරය ගමරාළ ජිවියට එකතු කරගෙන ඇත.එය වැඩි වැඩියෙන් භාණ්ඩ එකතු කර සමාජය සතුටු කරන්නට ගොස් තමාගේ සතුට විවේකය අහිමි කරගැනීමට වඩා කෙතරම් අගනේ ද සොබාදහම් පාසලේ අයුපෝෂණ ගෙවතු සමාජිකාවක් වන ජේ.කේ.පී.සුජිවා ශ්‍රීමාලි විසින් ගමරාළගේ වන්ගෙඩිය වගේ කියමන හරහා කතාන්දරයක් ඇසුරින් දරුවන්ට දැනු බෙදා හදා ගත් අයුරු ඉතා ප්‍රශංසනියයි.දරුවන් කතා අසමින් ඉගෙන ගැනිමට දැඩි කැමැත්තක් දක්වයි.එය ඉතා හොඳ අධ්‍යාපන කියාවලියකි.මෙම කටයුත්ත සංවිධානය කළ සොබාදහම් පාසලේ නියමුවන් වන වරුණ ,නුවන්,ධනුෂ්කා ,ප්‍රියන්ත ,සුජි ඇතුළු සමුහයේ උත්සාහය විශෙශ්ෂයෙන් අගය කරමු








Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්