වවන්නෝ දිනන්නෝය.

 වවන්නෝ දිනන්නෝය.




   


මේ වන විට මිනිසාගේ නීරෝගී ශාරීරික පැවැත්ම නිසි ආකාරව පෝෂණය කිරීම සදහා අප සියළු දෙනාම ආයු පෝෂණ ගෙවත්තක් තම නිවස තුලම ප්‍රායෝගිකව ආරම්භ කර ඇත.🍀🍀එම ගෙවත්ත පවත්වාගෙන යෑමේදී අප හට ගොඩනැගෙන විවිධ ප්‍රශ්න සදහා  රසායනික පොහොර වලින් තොරව පරිසරයට හා ශරීරයට අහිතකර නොවන ලෙස කාබනික පොහොර වර්ග සාදා ගනිමින් අපගේ ආයු පෝෂණ ගෙවත්ත නිසි ආකාරයට පවත්වා ගැනීමට අප සියලුම දෙනා දැඩි කැමැත්ත දක්වනු ලබයි.😊😊 නමුත් වගාවට  දිනෙන් දින ඇති වන කෘමි හානි🐜🐞🐛,පැළ වල වර්ධනය අඩු විම🥀🍂 වැනි ප්‍රශ්න නිසා  වගාව නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වේ.ඒ සදහා විසදුමක් ලෙස අප නිවසේදී සකසා ගත හැකි දියර පොහොර වර්ග කිහිපයක් පහතින් සහහන්ව ඇත.👇👇👇👇👇👇👇👇👇👇


 ජීව මුත්‍රම් දියර පොහොර


🍄 ජීව මුත්‍රම් යනු ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රයෙන් සාදනු ලබන නිස්සාරකයක් වන අතර මෙම දියරය ශාක වර්ධනය වැදගත් වන දියරයකි.ක්ෂුද්‍ර ජීවීන්ගෙ ක්‍රියාකාරිත්වය මගින් මෙය වර්ධනය වේ.


🍂අවශ්‍ය ද්‍රව්‍ය (ලීටර් 200ක් සදහා)

🍀ලීටර් 200 ක ප්ලාස්ටික් බැරලයක්.

🍀අමු එළ ගව ගොම 10kg

🍀ගව මුත්‍රා ලීටර් 10

🍀සක්කර හෝ හකුරු /දුඹුරු සීනී 2kg

🍀දෙපිලි බීජ පිටි [මුං පිටි හෝ උදු පිටි] 2kg

🍀වනාන්තරයකින් හෝ දිරාපත් වූ කොල ගොඩකින් පස් මිටක් පමණ.[මෙවැනි ස්ථානයකින් පස් ලබා ගන්නේ රසායනික පොහොර යොදා නොමැති බැවින් එහි ක්ෂුද්‍ර ජීවීන් බහුලව සිටින නිසා]

🍀ජලය ලීටර් 200


🤔සාදා ගන්නා ආකාරය🤔

   

 🍀පළමුව බැරලයට ජලය ලීටර් 200ක්  එකතු කර ගන්න.

🍀ඉන් පසුව එකතු කර ගත් ද්‍රව්‍ය සියල්ල එම බැරලය තුලට එකතු කර ගන්න.

🍀ඉන් පසුව සියල්ල විනාඩි 10ක් පමණ කාලයක් හොදින් කවලම් කර ගන්න.

🍀 දිනකට විනාඩි 10ක් පමණ 5-6 වතාවක් මෙම ද්‍රාවණය දක්ෂිණාවර්තව කවලම් කර ගන්න.

🍀ඉන් පසුව මෙම මිශ්‍රණය තෙත ගෝනියකින් හොදින් වසා තබන්න.දින 5කින් පසුව මෙම දියරය වගාවට යොදා ගත හැකිය.

🍀මෙම දියරය දින 8ක් වැනි කාලයක් කල් තබා ගත හැකිය.

🍀වගාවට යොදා ගැනීමේදී  මෙම දියර කොටස් එකකට ජලය කොටස් 3 - 4ක් යොදා වගාවට භාවිතා කරන්න😊


    🍉පළතුරු ටොනික්🍉


 🍂අක්කර 1ක් සදහා අවශ්‍ය ද්‍රව්‍ය


🌸 මූඩිය තදින් වැසිය හැකි භාජනයක්

🌸ඉදුණු ගස්ලබු  3kg

🌸ඉදුණු කෙසෙල්  3 kg

🌸හොදින් පැසුණු වට්ටක්කා   3kg 

🌸සක්කර හෝ හකුරු  3 kg

🌸බිත්තර 2 ක්

🌸ජලය ලීටර් 10ක්


සාදා ගන්නා ආකාරය🤔🤔


🍂මුලින්ම මේ සියල්ල කුඩා කොටස් වලට කපා ගන්න.

🍂බැරලයට ජලය ලීටර් 10ක්  එකතු කර ගන්න

🍂කුඩා කැබලි වලට කපා ගත් පළතුරු ටික  එම භාජනයට එක කර ගන්න.

🍂සීනි හෝ හකුරු  එම භාජනයට දමා හොදින් දිය කර ගන්න.

🍂හොදින් පියන වසා දින 45ක් තබන්න.[පැසීම සදහා]

🍂දින 45න් පසුව මෙය වගාවට යොදා ගත හැකිය.දියර කොටස් එකකට ජලය කොටස් 20ක් දමා වගාවට එක් කරන්න.😊

🍂මෙම දියරය මාසයක් පමණ කාලයක් කල් තබා ගත හැකි අතර  අදුරු ස්ථානයක ගබඩා කර තබන්න.


    🍄මෙම දියර පොහොර වගාවට යොදා ගැනීමේදී සවස් කාලයක භාවිතා කරන්න.

🍄සියළුම වගාවන් සදහා මෙය භාවිතා කිරීමට හැකිය.

🍄පසේ තෙතමනය ඇති අවස්ථාවකදී මෙය දියරය පැළ සදහා යොදන්න.

🍄සති 3 - 4ක් ගතවී ඇති පැළ සහ හොදින් වර්ධනය වී ඵල දරණ වගාවන් සදහාද මෙය භාවිතා  කල හැකිය.


කොහොඹ නිස්සාරකය🍀🍀🍀🍀

  

         🌻අවශ්‍ය ද්‍රව්‍ය 🌻

         👇👇👇👇👇👇


🍁පොත්ත ඉවත් කරන ලද කොහොඹ බීජ   100g

🍁ජලය ලීටර්    2ක්

🍁සබන් කුඩු     5g

🍁මැටි භාජනයක් 


🍂සාදා ගන්නා ආකාරය 🍂


🌷 කොහොඹ බීජ ටික හොදින් කොටා ගන්න.

🌷 මැටි භාජනය ගෙන එයට ජලය ලීටර් 2ක් දමා කොටා ගත් කොහොඹ බීජ ටික එයට එක් කර ගන්න.

🌷රෙදි කැබැල්ලකින් භාජනය හොදින්  වසා  පැය 12ක්  තබා ගන්න.

🌷ඉන් පසුව එය හොදින් පෙරා ගන්න.

🌷පෙරා ගත් ද්‍රාවණයට සබන් කුඩු 5g එකතු කර  කවලම් කර ගන්න.

🌷සවස් කාලයක වගාවට එක් කරන්න.

🌷පෙරා ගැනිමෙන් පසුව ඉතිරි වන කොහොඹ පොතු වලට ජලය ලීටර් 2 - 3ක් දමා හොදින් මිශ්‍ර කර වගාවේ බිමට එක කරන්න.එමගින් කෘමි 🐜🐞🐛හානී වලක්වා ගත හැකිය.

😊


 පැළ සිටුවීමේදී පේළි අතර සහ පැළ අතර සම්මත දුර පමණයන්.


මිරිස් 🌶️🌶️🌶️🌶️

පේළි  අතර දුර 1 1/2

පැළ අතර දුර  1 1/2


පොළොන් මෑ 🌱🌱

පේළි   අතර දුර  3

පැළ  අතර දුර   2


කරවිල🥒🥒🥒

පේළි  අතර දුර  5

පැළ අතර දුර    3


🥗🥗🥗🥗🥗🥗🥗🥗🥗


හිත ඇත්නම් පත කුඩාද 🤔ඇත්තටම  අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ💪💪 වවන්න  පුළුවන් සරු පොලවක තමයි අපි ජීවත් වෙන්නෙ.ඉතින් ඔබට තියන පුංචි ඉඩ ඉඩ ප්‍රමානයේ හරි එළවළුවක් 🥒🌶️🍆🥕🥦🍅🥔🍈 හෝ පළතුරක්🍊🍉🍎🍏🍒🍌🍋🍍වවන්න පුරුදු එමගින් ඔබේ ආර්ථිකයට මෙන්ම සෞඛ්‍යයට ද බෙහෙවින්ම ඉතුරුවක් මෙන්ම පහසුවක් සැලසෙනු ඇත.

            ට්‍රයි කලොත් බැරි වෙන එකක් නෑ නෙමෙයි බැරි නෑ 😊😊😊😊😊

සිහින දකින්න දවසක ඒ හීන හැබෑ වෙනවමයි.............

ඉතින් ඔයාලත් අද ඉදන්ම වවන්න පටන් ගන්න...වවන්නෝ දිනන්නෝ කියල කතවකුත් තියනවනෙ 😊😊😊

                                                          චමෝදි විරසිංහ

                                                                             

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්