ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග

 ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග


කුඩාබිබුල ගම් පියසේ පුදබ්මේ හිමිනමගේ අරමුණයි,"නිරෝගිකම  තමයි"මතු අපේ දියුණුවත්,

හෙට දිනේ දරුවන්ට  තනමු සොදුරුතම ලොවක්.

එක්ව පෙළගැසෙමු අපි 

දම්වැලක පුරුක් සේ

හැම ගෙබිමකම හදමු

ආයූපෝෂිත ගෙවත්තක්


ගෙනා ඒ දම් වදන් අප  හදේ රැවිදුණේ

ඇරඹුවා එතැන් සිට

නිවහනේ හදන්නට ගෙවත්තක්


අපේ පුංචි පොඩි නිවහනේ

මිරිස්,මෑ,තක්කාලි ,වම්බටු,පළා කොළ වලින් හැඩවි

මල් පිපී ඵල දරයි අද දිනේ සිත් අපේ මල් ලෙසින් පිබිදෙමින් හරි තුටින්


වෙනදා මගේ දරු පැටවු

ඇහැරිලා හිමිදිරියේ

රෑප පෙට්ටියේ දිග හැරෙන කාටුන් රෑරටා

රස විදියි නෙත්සිත් පුරා

රිසි ලෙසින් හැමදිනේ


පෝෂිත ගෙවත්තත් හැඩවේවි ඵල දරන යාමයේ

හිමිදිරියේ  දරුපැටවි දැන් නැගිට පියනගයි ගෙවත්තට


අම්මේ අද හරි හැඩයි මල් පිපී,ගෙඩි හැදි

කරලින්ද බර වෙලා

මේ මගේ අතින් සිටවූ

පැළය නේ දැයි අසයි

දැනෙන සතුට කිව නොහැක පුත වචනයෙන් නුඹහට


අපිත් අද වෙනස් වි

පැටවුන්ද අලුත් වි

විවෙකය අපේ ඵල දරයි

නිරෝගිකමට මග සදයි


වෙනදා අසල් වැසියන් සමග නිකරුනේ බස් දොඩයි

අද සැවෝම එක් වෙලා

සමගියත් උතුරලා

යම් දැනුමක් බෙදයි

ගෙවත්තට අරුතක් දෙමින්

හැම ගෙදරක්ම කරලිනුත් බරවෙලා


ස්වභාදමේ නව අරුතයි කෘතීම රස බොහොම විසයි

ක්ෂණික කෑම ලෙඩ ගෙන දෙයි

පිටිකිරි නම් බොහොම විසයි

ලෙඩ රැසකට ගොදුරක්මයි

කුළු බඩු ටික ගෙදර හදමු

ලෙඩ රැසකට තිතක් තබමු


වෙනදා මගේ දරුවන්හට

කඩේ කෑම සතුටින් දෙයි

බණ්ඩිය පිරෙනාතුරු කා

රෑ මැදියම දිය ඉල්ලයි


පැණි බීමත් මැගි නූඩ්ලස්

පාට කරපු අයිස්ක්‍රීම්

සතුටින් ගෙනවිත් දෙන්නේ දරුවන්  තුටි කරන ලෙසින්


කට රතුකර ඒවා කාලා

හරි සතුටින් හිනහෙනවිට

අපිද සතුටු වුණා 

නොදරුවන්සේම එදා


මොහොතක්වත් සිතුවේ නැ කරන්නේ නපුරක්‍ ය කියා සමාවදුන මැන දරුවනි නොදැන කරපු ඒ වරදට



ස්වභාදම් පාසලෙන් දුන් දැනුම හරි අගනේ

නුඹේ මතු දියුණුව වෙනුවෙන් දුන් උපදෙස් පිළිපදිමී

රැක ගනිමින් පෝෂිත ගෙවත්ත

(වටිනා උපදෙස් ලබා දුන් රාහුල හිමි ඇතුළු සියල්ලන්ටම තුති)

(මවකට දැනුණු සිතුවමකි) 

සුජීවා ශීමාලි







Comments