පොහොර අපිම සාදා ගමු

පොහොර අපිම සාදා ගමු


ආයූ පෝෂණ ගෙවත්ත

පලමු ලිපියෙ අපගේ ගෙවත්තේ ඇතුලත් විය යුතු බෝග වර්ග සහ රස අනුව ගෙවත්ත වර්ගිකරනය කල යුතු ආකාරය පැහැදිලි කලා.මෙම ලිපිය මගින් පැහැදිලි කරනු ලබන්නේ අපගේ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර,දියර පොහොර සහ කෘමි විකර්ශක,පැළ තවානක් සහ පැළයක්  🌴නිවරදිව අප විසින්ම සකස් කර ගන්නෙ කෙසේද? යන වගයි.අපි බලමු මේ දේවල් අපගේ නිවස තුළම සකසා ගන්නේ

 

 කොම්පෝස්ට් පොහොර සැදීම

    💜 කොම්පෝස්ට් පොහොර ගොඩ ක්‍රමය සහ වල ක්‍රමයට ලෙස සදා ගත හකිය.මේ වන විට බොහෝ දෙනා ගොඩ ක්‍රමයට මෙය සිදු කරනු ලබයි.තවද නිවසින් බැහැර කරන එළවළු,පළතුරු ආදිය එකතු කරමින් කෝටූ දැල් ක්‍රමයටද කොම්පෝස්ට් පොහොර සදා ගත හැකිය.(ඉවත දමනු ලබන ඉදුල්, පොල් කුඩු,අළු වැනි දේ මෙයට එකතු නොකරයි).


කොම්පෝස්ට් පොහොර සාදා ගන්නා ආකාරය.

🍁 පළමුව සුදුසු බිමක් තෝරා ගත යුතුය.(අධික ලෙස 🌞 එළිය නොවැටෙන සහ ජලය නොරැඳෙන ස්ථානයක් විය යුතුය)


🍁වියලි කොල ස්ථරයක් පළමුව අතුරා ගන්න.(පිදුරු හෝ වියලු කොල)


🍁 ඒ මතට වියළි ගොම ස්ථරයක් යොදන්න.


🍁 ඒ මතට නැවත අමු කොල යොදා ගන්න.කෙසෙල් කඳන් ආදිය.එයට අමු ගොම දිය කර දැමිය හැකිය.


🍁 ඉන් පසුව කොම්පෝස්ට් මුහුන් යොදා ගන්න.මේ සියළුම ස්ථරයන් මතට ජලය යොදා ගැනීම අනිවාර්ය  වේ.


🍁අඩියක් හෝ අඟල් භාගයක් පෙනෙන සේ කළු පොලිතින් එකකින් වසා තබන්න.


🍁සති දෙකෙන් දෙකට පොහොර එක කවලම් කර ගත යුතුය.


🍁කොල කෙසෙල් කඳන් වැනි දෑ කුඩා කැබැලි වලට වෙන් කර ගැනීමට හැකි නම් මාස එක හමාරක් වැනි කාලයක් තුලදී පොහොර  භාවිතයට ගත හැකිය. 😊😊


    🐟🐟ෆිෂ් ටොනික්🐟🐟

        💜මෙය දියර පොහොරක් ලෙස භාවිතා කල හැකිය.කැල්සියම් ,පොටෑසියම් අන්තර්ගත හොද දියර පොහොර ලෙස හැඳින්විය හැකිය.


👉මාළු බඩ 1 kg (කටු,කරමල්,වරල්)

👉සීනී 1kg(දුඹුරු සීනී)

👉සීල් කල හැකි භාජනයක්.


👉පළමුව භාජනට මාළු බඩ එකතු කර එයට සීනී 500g එකතු කර ගන්න.සීනි දිය තරමක් දියවෙන ප්‍රමාණයට ජලය යොදා ගන්න.(ශීතකරනයක තබා ගන්නේ නම් ජලය එකතු කරන්නේ නැත)


👉භාජනය හොදින් වසා ටේප් එකක් ගසා හොදින් වසා ගන්න වාතය ඇතුලු නොවන සේ.මෙය දින 14ක් තබන්න.


👉ඉන් පසුව නැවත එයට 500g දමා හොදින් කවලම් කර ගන්න.ජලය එක් කරන්නේ නැත.පෙර පරිදිම හොදින් වසා තවත් දින 14ක් තබා ගන්න.


👉ඉන් පසුව මෙම ප්‍රමාණයෙන් ලීටර් එක හමාරක ප්‍රමාණයක් බවට පත් වේ.


👉මෙම දියරය කළු පැහැති බෝතල් වලට අසුරා ගන්න.


👉මෙය වගාවට එක් කිරීමෙදී 10lට 30ml ලෙස එකතු කර සවස් කාලයේ වගාවට භාවිතා කරන්න.16l ටැංකියකට නම් ලෙස භාවිතා කරන්න.


👉මෙය තවන් අවදියේ සිට භාවිතා කල හැකිය.දින 5කින් පසු නැවත භාවිතා කල හැකිය.


     🌱කොම්පෝස්ට් ටී🤔🤔

         

     💜මෙය අපගේ වගාවට දියර පොහොරක් ලෙස භාවිතා කල හැකිය.මෙය සකසා ගන්නේ කෙසේද🤔 

 🎈තරමක් ලොකු භාජනයකට ජලය 75l පුරවා ගන්න.


🎈පොහොර කවරයකට කොම්පෝස්ට් පොහොර 15kg  පුරවා කට හොදින් ගැට ගසා ගන්න.


🎈පළමුව පුරවා ගත් ජලය 75l ට උක් හකුරු (දුඹුරු සිනී)1kg එකක්  හොදින් දියකර ගන්න.


🎈ඉන් පසුව කොම්පෝස්ට් 15kg කවරය හකුරු හෝ සීනී දියකර ගත් ජලය 75l බැරලය තුල අඩක් ගිල්වා ගත යුතුය.ඒ සදහා බැරලයේ කට උඩින් ලීයක් තබා එහි පොහොර උරය එල්ලා ගත යුතුය භාගයක් ජලයට යට වන සේ තිබිය යුතුය. 


🎈දිනකට දෙවරක් මෙය කෝටුවක් ආධාරයෙන් කලතා ගත් යුතුය.මේ ආකාරයට දින 14ක් පමණ කාලයක් තබා ගත යුතු අතර ඉන් පසුව වගාවට එකතු කරන්න.😊😊


පැළයක් 🌳බඳුන් ගත කිරීම


🌻පැළයක් බඳුන් ගත කිරීමේදී මතුපිට පස්,කොම්පෝස්ට්,වැලි එකතු කල යුතුය.වැලි එකතු කරන ප්‍රමාණය තිරනය කරනුයේ පස් එකතු කරන ප්‍රමාණය අනුවය.දහයියා අඟුරු,වියළි ගොම එකතු කර ගත හැකිය.අප භාවිතයට ගන්නා බදුන සම්පුර්ණයෙන්ම  අපගේ මාධ්‍ය යොදා පුරවා නොගන්නා අතර පැළයේ🌳 වර්ධනය  අනුව එයට තව මාධ්‍ය එකතු කරනු ලබයි.

 

  🐞කෘමි විකර්ශක දියර🐞


මෙම දියරය වගාවට භාවිතා කරන්නේ කෘමි උවදුරු වලින් වගාව ආරක්ෂා කර ගැනීම සඳහාය.සුදු මැස්සා,පිටි මකුනා.කුඩිත්තා වැනි කෘමි  සතුන්ගෙන් වගාවා ආරක්ෂා කර ගැනිම්ට යොදා ගත හැක.


👉සුදු ළූණූ 100g හොදින් තලා ගන්න.එය වතුර 5l දියකර ගන්න.පැය 24ක් තබා  පෙරා ගන්න.


👉 එම දියරයෙන් 750ml අරගෙන එයට සබන් කුඩු 10g සහ භූමි තෙල් 4-5ml එකතු කර ගන්න.

16l ටැංකියකට මෙය දමා වගාවට  යොදා ගන්න.😊😊


         කෘමින් සදහා🐜🐜


🎈සුදු ළූණූ  50g

🎈අමු මිරිස් 25g

🎈ඉගුරු 25g

       👉මේ සියල්ල හොදින් කොටා ගන්න.ජලය 1l ක කොටා ගත් සියල්ල හොදින්  මිශ්‍ර  කර ගන්න.පැය 2ක් තබා ගන්න.ඉන් පසුව ඉන් කොටසකට ජලය කොටස් තුනක් යොදා භාවිතයට ගන්න.දින තුනකට වරක් වගාවට යොදා ගන්න.😊😊


   තවානක් සකසා ගැනීම.👇👇👇👇👇👇👇👇


🌾ගෙවතු වගාවකදී තවානක් සකසා ගැනීම අත්‍යවශ්‍යය නොවන අතර,ගෙවත්ත සකස් කිරිමේදී කිරි හට්ටි ඉවතලන බඳුන් භාවිතා කල හැක😊 සාමාන්‍ය වශයෙන් තවානක් සකසා ගන්නේ කෙසේද🤔 

 

💚හිරු 🌞 එළිය වැටෙන දෙසට තවාන සකසා ගැනීමට බිම සකස් කල යුතුය.

💚තවානක පළල අඩි 3ක්  සහ විය යුතුය


💚තවාන සකසා එය ජීවාණුහරනය  කර ගැනීම කල යුතුය.එහිදී තවානට ජලය එකතු කර ඒ මතට පිදුරු දහයියා තට්ටු යොදා පුලුස්සා ගත යුතුය.එසේ නොහැකි නම් පෙර පරිදිම තවානට ජලය යොදා සුදු පොලිතින්  එකකින් සති 3ක් පමණ  වසා තබන්න.🌞 එළිය මගින් ජීවාණුහරනය වේ.


💚හිරු එළියට විරුද්ධ පසින් ගිණි තැබිම කල යුතුය.


💚බීජ දැමීමට පෙර 1cm පළල රීප්ප පටියක් ආධාරයෙන් බීජ දැමීම සදහා කාණුවක් සකස් කර ගත යුතුය.


💚අඟල් 4කින් සමාන දුර සහිතව කාණූ සකස් කර එකිනෙක මත නොවැටෙන ලෙස  බීජ ජීවාණුහරනය කරන ලද පස් වලින්ම වසා ගන්න.


💚ඉන් පසුව පිදුරු හෝ අමු පොල් අත්තකින් තවාන වසා තබන්න.ජලය යොදන්න.


💚දින 25- 30ත් අතර පැළ 🌳ලබා ගත හැකිය.😊😊


ආයූ පෝෂණ ගෙවත්ත ගැන තවත් ලිපියකින් හමු වෙමු.

                                                      චමෝදි විජේසිංහ





Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්