සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු .

 සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු .

අයුපෝෂණ ගෙවත්ත පදනම් කර ගනිමින් වස විසෙන් ⁣තොර මහපොළොව සුවපත් කරන ⁣සොබාදහමේ ගොවිතැන සොයා යායුතුය . එය ජනතාව දැනුවත් කරමින් සමාජය සුදානම් කරමින් ක්‍රමිකව සිදු කළ යුත්තකි .තවද  සමාගම් වෙනුවට ගොවියා මුල් කරගත් ගොවිතැන විසයෙහි පෙළ නිර්මාණය  විය යුතුය.ඒ සඳහා ජාතිකවැඩ පිළිවෙලක් නිර්මාණය විය යුතුය.


 ආයූ පෝෂණ ගෙවත්ත

🌻(තුන්වන පියවර)🌻


ඉහත ලිපි කිහිපයකදී අපි පෝෂණ ගෙවත්තක තිබිය යුතු ගුණාංග සහ ගෙවත්ත නිර්මාණය කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉතාම පැහැදිලිව විස්තර සදහන් කරනු ලැබුවා.

      💜️මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දියර පොහොරක් සාදා ගන්නේ කෙසේද පිළිබඳවයි.මෙමෙ දියර පොහොර මගින් නිරෝගිමත් පසක් ලබා ගැනීමට හැකි වන අතර.අපගේ ගෙවත්තේ තිබෙන එළවළු 🥒🌶️🥕🍆පළතුරු 🍓🍍🍊🍌 මල් වර්ග 🌻🌺🌹🌷 වල වර්ධනය හීන ව්මට බලපානු ලබන සියලුම ගැටළු මෙම දියර පොහොර භාවිතය මගින් අවම කර ගත හැකිය.තවද විවිධ කරදරකාරි සතුන්  🐞🐜🐛🐌 මගින් සිදුවන හානිද අවම කර ගත හැකිය.මෙය දියර පොහොරක් මෙන්ම කෘමි විකර්ශකයක් ලෙසද භාවිතා කිරීමට හැක😊මෙහි ප්‍රධාන අරමුණ පස හා මහ පොලව සුවපත් කිරිමයි 🌷🌷🌷🌷


  💜️මෙමෙ දියර පොහොර සාදා ගන්නේ කෙසේද යන්න අපි බලමු.මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය

👇👇👇👇

🌺මකුලත කොල බාල්දි 1යි 

🌺අමු ගොම බාල්දි 2යි

🌺මුරුංගා කොල (මිටක් පමණ )

🌺ගදපාණ කොල,ඉපිල්,නිදිකුම්බා,රට කජු(නයිට්‍රජන් තිර කරන ඕනෑම ශාකයක කොල ගත හැක) බාල්දි 1යි

🌺ජලය බාල්දි 4ක් 5ක් පමණ 

🌺ප්‍රමාණවත්  බදුනක්


 👉👉සාදා ගන්නා ආකරය

💚පළමුව බදුනක් ගෙන එයට මකුලත  කොල බාල්දි 2ක ප්‍රමාණය දමා ගන්න.


 💚එයටම කෘමි විකර්ශක ශාක ලෙසට ගත් ගදපාණ කොල එකතු කර ගන්න


💚මුරුංගා කොල මිටක් පමණ එකතු කර ගන්න 


💚ගොම පොහොර එකතු කර ගන්න,(අමු ගොම)


💚ඉන් පසුව මේ සියල්ල දමා ගන්නා ලද භාජනයට ජලය දමා ගන්න( එකතු කර ගන්නා ලද සියල්ල වැසෙන පරිදි)


💚ඉන් පසුව මේ සියල්ල හොදින් කවලම් කර ගන්න.සෑම දිනකම දිනකට එක් වතාවක් හොදි කවලම් කර ගන්න.වාතනය වන ආකාරයට වසා තබන්න.මේ ආකාරයට මෙය කවලම් කරමින් දින 14ක පමණ කාලයක් තබා ගන්න.


💚ඉන් පසුව මේ සියලුම ද්‍රව්‍ය දියරයක් බවට පතු වී ඇති බවක් පෙනේ.රෙදි කැබැල්ලක් ගෙන මෙම ද්‍රාවණය 2 /3 වතාවක් හොදින් පෙරා ගන්න.


💚මෙම දියරය ප්ලාස්ටික්  බෝතල් 🍶🍶වල  අසුරා ගන්න වාතනය වන ආකාරයට  මූඩිය වසා ගන්න.


🌞 එලිය නොවැටෙන ස්ථානයක තාබා ගන්න.අවුරුදු 2ක් පමණ කාලයක් මෙය තබා ගැනිමට හැක නමුත් ගුණාත්මක භාවය හොදින් තබා ගැනීම සදහා ඉක්මනින් භාවිතා කිරිම වඩාත් සුදුසු වේ.


    භාවිත කරන ආකාරය 

👇👇👇👇👇👇👇👇👇


🌱මෙම  දියර පොහොර එක ඕනම  එළවළු 🥒🌶️ සහ පළතුරු 🍒🍓 අල වර්ග 🥔🥔මල් වර්ග  🌸🌼🌷🏵🌹සදහා භාවිතා කල හැකිය.


🔆දින 14ට අඩු තවන් අවධියේ පැළ  සදහා මෙය භාවිතා කරන්නේ නම් දියර කොටස් 01ට ජලය කොටස් 10ක් යොදා භාවිතා කරන්න.


🔆දින 14ට වැඩි පැළ සදහා  දියර කොටස් 01ට ජලය කොටස් 07ක් යොදා භාවිතා කරන්න 


🔆මාසයකට වඩා වැඩි පැළ සදහා යොදා ගන්නවා නම් දියර කොටස් 1ට ජලය කොටස් 5ක් එකතු කර වගාවට එක් කරන්න.


🔆මෙම ද්‍රාවණය සති 2කට වරක් භාවිතා කිරිමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය.


🔆පත්‍ර වලට හොදින්  උරා ගන්නා ලෙසට  මෙය වගාවට යොදා ගන්න.


🔆මෙය සවස් කාලයේ වගාවට එක් කිරීමට කටයුතු කරන්න  පත්‍ර හරහා හොදින් අවශෝෂණය කර ගනු ලබයි.


🔆පසට එක් කරන්නේ නම් එයත් සවස් කාලයේ විය යුතු අතර 🌳 වටේට හොදින් මෙම දියරය යොදා ගන්න එයට උඩින් පිදුරු හෝ වියලි කොල  වලින් වසා තබන්න.(🌞 එලියෙන් ආරක්ෂක ව්ම සදහා)


🔆 මෙය සෑදීමේදී භාහිර ජලය නොවැටෙන ස්ථානයක්  තෝරා ගන්න.


🔆 භාවිතය ගන්නා කොල වර්ග  වංගෙඩියක දමා කොටා හෝ කුඩා කැබලි ආකාරයට කපා භාවිතයට ගන්නේ නම් දින 14ක් තුල මෙය භාවිතයට ගැනීමට හැකි වන අතර. මෙම ද්‍රව්‍ය ඒ ආකාරයටම යොදා ගත හොත් දින 21ක් පමණ කාලයක් ගත වේ.🙂🙂  චමෝදි විජේසිංහ












Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්