ඒ.  පී . මලීෂා මධුශානි ලියන

                                  පරිසරය අතැර ද්‍රව්‍යකරණය වීම

                                           


මේ කතාව ලියන මම හැමදාම පුරුද්දක් විදියට කරන්නෙ උදේට වැඩට ගිහින් ආයෙම හැන්දවෙලා ගෙදර එන එක.ඒ ඇවිල්ලත්  කාමරේට කොටු වෙලා ෆෝන් එක අතට අරන් උඩහට පහළට යන එක.ඔන්න ඔය විදියට තමයි මගේ මේ දවස් ගෙවෙන්නෙ.😞

        වෙලාවකට මටම හිතෙනව ඇත්තටම මේ ජීවිතේ මොකද්ද කියලා 🤔. කොටින්ම කිව්වොත් නිදහස left. අඩු තරමින් ගෙදර අය එක්ක පවා කතාකරන්න වෙලාවක් නැති තරම්.👨‍👨‍👧‍👦...


    ඉස්සර නම් එහෙම නෑ ඉතින්.ස්කෝලෙ ගිහින් ආවම කලබලේට හොයාගත්ත රෙදි ටිකත් ගුලි කරගෙන යන්නේ ඇලේ නාන්න🏊.නැත්තම් වෙළේ නියරවල් උඩින් දුවදුව මඩේ වැටි වැටි සෙල්ලම් කරන්න..නැත්තම් යාළුවො ටිකත් එක්ක පාසලේ එදිනෙදා දීපු වැඩ ටික කරන්න..ඒත් ඉතින් දැන් මේව නෑනේ.🥲

     මේ කියන කාලෙ වෙද්දි අපේ ගෙදර ටී.වී එකක්වත් තිබුනෙ නෑ.ගෙයි සාලෙට ඒක ආවෙත් මේ මෑතකදී .ඔය ටී.වී එක නැති කාලෙ අපි ගෙදර හතර දෙනාම එදා දවසෙ වෙච්ච දේවල් ගැන කතා කළා..ඔය ඉස්සරම වෙච්ච දේවල් ගැන තාත්තා ලස්සනට කියල දෙනවා.භීෂණය කාලේ උන දේවල්.මිනිස්සු ඒ කාලේ හැසිරුණු විදිය,ඒ කාලෙ තාත්තලා පවා මුහුණ දීපු

අත්දැකීම් ,මේ දේවල් ගැන කියද්දි අපිත් අහන් ඉන්නේ කට ඇරගෙන..ඊලගට මොකද උනේ කියලා අහගන්න නොඉවසිල්ලෙන්.🤔🙄....ඒ දේවල් ගැන අහද්දී ඒ කාලෙට ගිහින් බලන්න තිබ්බනම් කියල මටත් හිතුන වාර අනන්තයි ..💛💚

 

   ම්ම්ම්...🤔.අහ් මට මතකයි ඉස්සර නම් අපේ ගෙදර ඉස්සරහ මගෙත් එක්ක හිටිය මගේ යාළුවා  මට ඇහෙන්න මහ හයියෙන් කතාවක් හරි,පුංචියට සින්දු කෑල්ලක් හරි කියනවා..ඊලග වාරෙ මගේ  ඉතින්.මාත් වැඩේ අතාරින්නෑ 😁...ඔහොම ඉතින් මහ රෑ වෙනකන් තරගෙට.......ඒ උනාට අපි ලොකු වෙද්දී අපි දෙන්නට අපි දෙන්නව  පවා මග ඇරිලා.☹️😥..ස්කෝලෙට යද්දී බස් යන පාරට  එනකන් ඉතින් අපේ ගමන පයින් තමයි.උදේ 6 ට ගෙදරින් එන අපි කෝමහරි අපේ සුපුරුදු 6.30 c t b එක අල්ලගන්නවා..සමහර දවසට මෙච්චර පයින් ඇවිල්ලත් ඒ බස් එක නෑ..ඉතින් එදාට ශිෂ්‍යනායකයොන්ගේ කන්කරච්චලේ ..අපෝ..😬🤦..ඉතින් අපි එන්නේ මෙච්චර දුරක ඉදල කිව්වම එයාලත්  හොල්මන්.🤭😜

ළඟ ඉදලත් ස්කෝලෙට පරක්කු වෙලා ඇවිත් අනිත් අය දඩුවම් විදිද්දී අපි ගැම්මෙන් පන්තියට ගියා ඉතින්..😌

      

    ඔය විදියට කාලෙ  ගත වුණා..පස්සෙ කොහේදෝ යන School van එකක් ඇවිත් ඒ අපි පයින් ඇවිදගෙන ගියපු සුන්දර කාලෙත් අරන් ගියා.😥..

 පස්සෙ ඉතින් අපේ අය ගෙදර ඉදන්ම ස්කෝලෙ යන bus එකට හුරු වුණා..🚌

      

    🤦   අහ්..අයියෝ මට කියන්න අමතක වුනානේ..ටී.වී එකේ ඉතුරු විස්තරේ...ඔය  ටී.වී එක නැති කාලේ අපි නාට්ටියකට 

කියල ඇහුවේ මුවන්පැලැස්ස.හරිම ලස්සන කතාවක්.දැන් ඉතින්  සමහරු කල්පනා කරනවා ඇති ඒ මොකද්ද කියලා.🤔.

      ඇත්තටම දැන් ගෙදර අයටත් අමතකයි ඒ මොකද්ද කියලා..දැන් ඉතින් අපි posh අයනේ.දැන් 7ට ටී.වී එක දාගත්තම අපි 10වෙනකම් බලන්නේ නානප්‍රකාර දේවල්.

      මේ කියන විදියට තමයි අපි හැමෝගෙම දැන් ජීවිත ගෙවෙන්නේ.ගෙදර නම් අපි හතර දෙනාට හතර දෙනාවම මග ඇරිලා.😥


        රස්සාවක් නොකරන කාලෙ නම් තාත්තට උදව් වෙන්න කියලා සතියට දවස්  දෙක තුනක්ම එළවළු කොරටුවට ගියේ එළවළු ඒම කඩල දෙන්න.🍅🌽.

  ගිනි අව්වෙ පිච්චි පිච්චි,ඇග පුරා මඩ ගාගෙන  ඕම තමයි එහේ වැඩ කෙරුනෙ.

      මතක් වෙද්දි ඒ අත්දැකීම්   හරිම සුන්දරයි .වෙලාවකට හිතෙනවා දවසම මේම වැඩ කරන මිනිස්සුන්ට මොන තරම් මහන්සිද කියලා..😓

         

     ඉතින් ඔන්න ඕම තමයි ඒ කතාව ඉවර වුනේ.හිතන්න අපිට අපිව කොච්චර මග ඇරිලද කියලා.ගොඩක්ම අපි ජීවත් වෙන්නෙ පරිසරය එක්ක නෙවෙයි .උපකරණ එක්ක අපි වෙනම ලෝකෙක අතරමං කරල.සමහරු හුදකලා මිනිස්සු බවට පත් වෙලා.අපි ඉස්සර ගත කරපු සුන්දර කාලෙ අපෙන් මග ඇරිලා .

       

        ඉතිං..... ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ඒ ගත කරපු සුන්දර කාලෙට ආයෙම යන්න බැරි උනත් ,ජීවිතේ ඉස්සරහට හමුවෙන සුන්දර දේවල් මග නොහැර සතුටින් පියමන් කරමු..🙂😃❤️

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්