Posts

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී ලංකා අළු දෙමලිච්චා Sri Lanka Ashy- headed Laughing Thrush   ( Garrulax cinereifrons ) Classification Class – Aves Order – Passeriformes Family – Muscicapidae Sub Family – Timalinae Genus – Garrulax මෙම පක්ෂියාගේ හිස අළු පැහැති වන බැවින් ඇතැම්විට හිස අළු - අළු දෙමලිච්චා යන නමින් ද හදුන්වනු ලැබේ . බාහිර ලක්ෂණ සිරුර දිගින් සෙන්ටිමීටර 25 ක් පමණ වේ . සාමාන්‍ය දෙමලිච්චාට වඩා මදක් විශාලය . කළු පැහැති හොටයක් , තද අළු පැහැයට හුරු අදුරු පැහැති පාද , අළු පැහැති හිසක් සහිත මොවුන්ගේ පියාපත් සහ පෙදය තද රතු පැහැයට හුරු දුඹුරු පැහැතිය . ඇසේ තාරා මණ්ඩලය සුදු පැහැති වේ . ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් තෙත් කලාපීය වනාන්තර වල ජීවත් වන අතර මධ්‍යම කදුකරයේ දකුණු හා බටහිර බෑවුම් දිගේ මීටර් 1000 ක් දක්වා උසකින් යුක්ත වූ ඝන වනාන්තර වලද දැකිය හැකිය . සිංහරාජ වනාන්තරය , ඉට ආසන්නව පිහිටා ඇති මොරපිටිය ව...

අපට හිග දේ කොහොම සැපයේ...

Image
උදුලා ප්‍රසාදි සොබාදහම් පාසල                   වෛරසය එන්න එන්නම ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. සෞඛ්‍ය පහසුකම් ඉතා ඉහළ රටවලත් දිනකට සිය දහස්   ගණනක් මරණ වාර්තා වෙයි. සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවිය නිර්මාණය වෙන්නෙ මීට වසර මිලියන 4600 පමණ පෙරය. එහි ජීවය පහළ වෙන්නෙ මීට වසර මිලියන 600ක පමණ ඉහතදීය. මේ අනුව මිහිමත මානව වාසය කවදා කොතනකදී ආරම්භ වුවද ශක්‍ය වාදය ගරුකොට ගත් වත්මන් මිනිසා සිටියේ මහත් ආඩම්බරයකිනි. පෘථිවිය ගැන   පමණක්   නොව   චන්ද්‍රයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිළිබද අපි සොයා ගත්තෙමු.                  වසර ගණනකින් ඵලදාව ලබා ගත් ගස් වලින් මාස කිහිපයකින් ඵලදාව ලබා ගත් නිසාත් , අඩු මාසෙන් වී අස්වනු නෙලුව කියාත් අපි සතුටුවීමු.   ජීවිතේ දිනන්න කියලා පාට පාට දිලිසෙන සුවපහසු වාහන වල ගමන් කලෙමු. මේ ඉවක් බවක් නැති ගමනේ දී මිනිසාට තමන් පරිසරයේ කොටසක් විනා පරිසරයේ පැවැත්මට මිනිසා අවශ්‍ය නොවන බව අමතක විය.                   නිදහසේ ...

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...

Image
ආදළුවේ ධම්මසිරි හිමි . ශ්‍රී  ලංකා අදුරු නිල් මැසිමාරා Sri Lanka Dusky – blue Flycatcer ( Eumyias sordida ) Classification Class – Aves Order – Passeriformes Family – Muscicapidae Genus – Eumyias       බාහිර ලක්ෂණ සම්පූර්ණ දේහයේ දිග සෙන්ටිමීටර 14ක් පමණ වේ . සුලබව දැකිය හැකි ගේ කුරුල්ලෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් මදක් කුඩාය . පිට පැත්ත අළු පැහැය මිශ්‍ර වූ නිල් පැහැයක් ගන්නා අතර මෙම පක්ෂියාට ලැබී ඇති විශේෂ ලක්ෂණයක් ලෙස ඉතා දීප්තිමත් නිල් පාටින් යුක්ත වූ නළල හැදින්විය හැකිය . මෙම ලක්ෂණය අදුරු නිල් මැසිමාරා අනෙක් පක්ෂීන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට භාවිතා කළ හැකිය . ගැහැණු හා පිරිමි සතුන් පෙනුමෙන් බොහෝවිට එක සමාන වන අතර හොටය කළු පැහැතිය . උදරය පැත්ත අළු පැහැය මිශ්‍ර සුදු පැහැයක් ගනී . පරිණත පක්ෂීන්ගේ දේහ වර්ණය එසේ වුවද ඇතැම් අදුරු නිල් මැසිමාරාවන්ගේ දේහ වර්ණය තද පැහැයෙන් යුක්ත විය හැකිය . නොමේරු පක්ෂීන්ගේ දේහ වර්ණය පරිණත පක්ෂීන්ගේ වර්ණයට වඩ...