අනුන්ගේ පව්වලට කර ගැසූ හාමුදුරුවෝ

පියා මාමාගේ මගපෙන්වීම අනුව අපි ගමන ආරම්භ කළෙමු. අපි ගියේ පියාමාමා පසුසය. වැඩි දුරක් යන්නට මත්තෙන් විසාල කොහොඹ ගසක් බිම හෙලා තිබුණි. කටුපඳුරු සහිත ශුෂ්ක ලක්ෂණ දැරූමුත්  විසාල වනස්පතින් තැන තැන දක්නට ලැබිණ. ---------------------------------------------------------
පියා මාමා සමඟ ගිය උස්ගල ගමන  ගැන කතාවේ ආරම්භය මීට පෙර පළ විය.  පියා මාමා සමඟ උස්ගලට යෑම ආරම්භ කිරීම දක්වා එම කතාවේ ඇතුළත් විය. මේ එහි දෙවැනි කොටසයි.

පියා මාමාගේ මගපෙන්වීම අනුව අපි ගමන ආරම්භ කළෙමු. අපි ගියේ පියාමාමා පසුසය. වැඩි දුරක් යන්නට මත්තෙන් විසාල කොහොඹ ගසක් බිම හෙලා තිබුණි. කටුපඳුරු සහිත ශුෂ්ක ලක්ෂණ දැරූමුත්  විසාල වනස්පතින් තැන තැන දක්නට ලැබිණ .
‘මාමා ඇයි ලොකු ගස් අඩු මිනිස්සු කපලද ? ‘
‘ඔව්.. ගහක් පෙන්න බෑ. කෑලා පාලුවන්ගේ වැඩ. මේ  කොහොඹ ගසත් ඊයේ රාත්‍රියේ වෙන්න ඕන කපලා ඇදලා තියෙන්නේ.. ‘
ගසේ වට ප්‍රමාණය  බැලූ මට හැඟී  එය ගියේ අවුරුදු තිහ හතලිහකට වඩා පැරණි ගසක් බවයි. එහෙත් වන අපරාධ කරුවන් එක රැයෙන් ගස කුට්ටිකර රැගෙන ගෙස් ඇත. ‘වටිනාකම පමණක් දන්නා අගය නොදන්නා නරුමයින්‘ මම මටම කියාගත්තෙමි.
‘ඇයි පියා මාමා මේ අරාධවලට නීතිය ක්‍රියාත්මක වෙන්නැද්ද ? ‘
‘හ්....ඒ ගැන මොකට කියනවද ? අපරාධ කාරයෝයි නිලධාරිනුයි එකම කාසියේ දෙපැත්ත වගේ.‘
පියා මාමා දෙනලද උත්තරය නැවත ප්‍රශ්න කිරිම්වලට ඉඩ නොදුන්නේය. අපි ටික දුරක් නිහඬව පියා මාමා පසුපස ගමන් කළෙමු. ටික දුරක් ගමන් කළ අපි ගල්තලාවකට පිවිසුනෙමු.
‘මෙතෙන තමයි ආරන්‍යෙය් හාමුදුරුවන්ව අලිය ගහල මැරුවේ. ඒ දවස්වල කැළේ ඉඳලා පිණ්ඩපාතයට හාමුදුරුවෝ ගමට වඩිනවා. හොඳට පිළිවෙත් පුරාගෙන හිටිය හාමුදුරුවෝ. පස්සේ එක එක තැන්වලින් මිනිස්සු එන්න ගත්තා. ධනවත් උදවිය හාමුදුරුවන්ට කිට්ටු උනේ මේ ගලේ තියන නිදානේ ගන්න කියලත් ගමේ කටකතාවක් තිබ්බා. ඒ මොක වුනත් හොඳ හාමුදුරුවෝ. අපරාදේ අලියා ගැහැව්වේ. කැළේ  සත්තුන්ටත් දැන් අණක්ගුණක් නෑ. උන් පිස්සු වැටිලා  වගේ ඉන්නේ.  හැම තැනම කෑලා එළි කරලා   අලින්ට ඉන්න තියන කැළය ප්‍රමාණවත නෑ. වතුර කෑම හොයන එක උන්ටත් දැන් යුද්ධයක් වගේ.  මිනිස්සු තමයි ප්‍රධාන හතුරා. හැම අලියාම වියුරු වැටිලා ඉන්නේ.  සත්තුන්ට ඉන්න තියන කැළය කපලා සංවර්ධනයද මොකද්ද  එකක්කෙරුවා.  එකෙන් උනේ  බණක් භාවනාවක් කරගෙන ආරන්යි  වැඩ උන්න හාමුදුරුවන්ටත් මැරුම් කන්න සිද්ධ වුණ එක. උන්වහන්සෙටත් සිද්ධ වුණේ අනුන්ගේ පව්වලට කරගහන්න.‘
පියා මාමා එක දිගට කියාගෙන ගියේ දුක්බර හැගිමකින් සහ තරමක කෙන්තියකින් බව මට හැඟී ගියේය. ඉන් පසු  අපි ආරණ්‍ය දෙසට ගියෙමු. ආරණ්‍ය පාළුවට  ගොස්ය. දැන් ඉන්නේ වවුලන්  පමණි.

අපි ඉතා දුෂ්කර මගක් ගෙවා උස්ගල කඳු මුදුනට නැග්ගෙමු. උස්ගලට හාත්පස ඉතා හොදින් දැක ගත හැකිය. අප ඉතා හොඳින් හාත්පස නිරික්ෂණය කළෙමු. පියා මාමා මට මාහාචාර්වරයෙකු බඳුය. ඔහු ඇඟිල්ල දිගු කරමින් විස්තර කළේය. අපගේ සියළු ප්‍රශ්නවලට උත්තර පියා මාමාගේ කතාව තුළ තිබුණි.
‘හාමුදුරුවනේ අර ඈත පෙන්නේ මත්තල ගුවන්තොටුපොළ.  ඉස්සර අලි හිටපු කැළේ. කැළේ කපලා ගුවන්තොටුපල හැදුවා. දැන් ඒපැත්තේ හිටපු අලිත්   මේ පැත්තට ඇවිත් ගම් වදිනවා . දැනට අවුරුදු තුන හතරකට ඉස්සර ගම්වලට මෙච්චරට අලි අවේ නෑ.  ගුවන් තොටුපොළට  මෙහා පැත්තට වෙන්න ඈත පෙන්නේ හම්බන්තොට වරාය සංවර්ධන කලාපය. ඒත් අලි හිටපු කැළේ. දැන් ගොඩනැගිලි හැදිලා. පාරවල් හැදිලා. අලින්ට ඉන්න තැනක් නෑ. ‘
- මතු සම්බන්ධයි
- වෑකඳවල රාහුල හිමි - 





මෙම ලිපියේ පළමු කොටස  පහත දිගුවෙන්...
පියා මාමා සමඟ ගිය උස්ගල ගමන
https://bibulablog.blogspot.com/2017/12/blog-post_11.html

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්