Posts

දැරියට පාසල අහිමි කළ ඒඩ්ස් භීතිකාව

Image
‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැං බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ එලෙස කිවේ   හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇය අප සමඟ එලෙස ප‍්‍රකාශ කරන විට හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය ද දැන් ඇය සිටින්නේ පස් වැනි ශ්‍රේණියේය. ඇයට   බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියගේ මවට ‘ඒඩ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක්  වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය. මෙය පසුගිය වසරේ මාර්තු මාසයේ කරළියට ආවේ එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකින් පසුවය. ඒ අනුව ඇයට කරන වෙනස්කම් ගැන සොයා බැලීමට අපි ද පසුගිය මාර්තු මාසයේ ඇය ජීවත් වන ප‍්‍රදේශයට ගියෙමු. ඉන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී දැරියට යළි පාසලට යෑමේ අවස්ථාව සලසා දුන්නේය. ඊට වසරකට පසු එනම් ...

එකම අහසක එක් වෙන්න තහනම්

Image
හිරුයි සඳුයි එකම අහසක පෑවුවට... හිරුට සදු අහිමියි... සදුට හිරු අහිමියි... හිරු නැගෙද්දි සදු බැස යනව.. සදු නැගෙද්දි හිරු බැස යනව.. මහා ආදරයක් හදේ දරාගෙන.. මේ අහස නපුරුයි කියල හිතෙනවා... මේ ආදරේට ඉඩනොදෙන... අහස නුඹ... හිරුට අවැසි විදියට, සදුට අවැසි විදියට , වෙනස් වන අපූරුව.... මට දැනෙනවා...... ඔබත් මමත් හිරුයි සදුයි වගේ එකම අහසක එක් වෙන්න තහනම්....... - සෙව්වන්දි හෙට්ටිආරච්චි -  

වෙරළ සම්පත හූරාගෙන කෑම

Image
අ හස් කුස සුනිලය. සයුරු දිය ද සුනිලය. දිය මත පතිත හිරු රැස් පමණක් චණ්ඩය. බැලූ බැලූ අත සුදු මිනිස්සුය. ඒ, දියත පතළ කොරල්පරය හා වෙරළ තීරයේ චමත්කාරජනක දසුනින් නෙතත් සිතත් පිනවීමේ අපේක්ෂා පෙර දැරිවය. වනජීවී සංරක්ෂණ අධිකාරි කාර්යාලය පෙනෙන මානයේම අතින් කටින් යමක් එල්ලා ගත් අයෙක් මුහුදු දියට නැඹුරු වෙයි. දිය රැලිති රළ නගයි. සුදු මිනිස්සු ඔහු වටා රොක්වෙති. මින් රළ විත් ගං වෙරළට රැස් වුණේ ගුත්තිල කාව්‍යයේය. මෙතැන ද එයමය. ඒත් මේ නම් වීණා නාදය ඇසීමට නොවේ. පාන් කන්නටය. හික්කඩු වෙරළේ සුලභ දසුනක් වූ විචිත‍්‍ර මත්ස්‍යයෝ දස දහස් ගණනින් මේ පොරකන්නේ පාන් කන්නටය. අපි ඔහු සමඟ කතාවට වැටුණෙමු. ”අයියලා ටුවරිසම් වගේ? ” ”දන්නවනේ ඉතින්. පාන්වලට මාළු ගොඩක්  කැමැතියි” ඔහුගේ උත්තරය කෙලින් නැත. ”ඔයාලා දවසෙම ඉන්නවද?” ”නෑ.. අපේ මේ හට් දෙකක් තියෙනවා. ඒකයි.” ඔහු හට් යනුවෙන් හැඳින්වූයේ ස්නෝකලින් හෙවත් කොරල් හා මසුන් නිරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ කුලියට ලබාදෙන වෙළෙඳසල්ය. ලොව නන් දෙසින් හික්කඩුවට පැමිණෙන සංචාරකයන්ට ඇස් හා මුව ආවරණත් ජීවිතාරක්ෂක කබා සහ දිය යටට ජංගම දුරකථන ගෙනයා හැකි පරිදි යොදන කවර ඇතුලූ එකී ...

යහපාලනයේ ටැබ් ටෙන්ඩරයට මොකද වුණේ?

Image
තාක්ෂණය අතින් ලංකාවේ රාජ්‍ය ආයතනය බොහොමයක් තවමත් සිටිනුයේ වසර ගණනක් පසුපසින් බව අමුතුවෙන් කිව යුතු නැත. ෆයිල් කන්දකට යටවී රාජකාරි කරන නිලධාරීන් මෙන්ම තාක්ෂණය භාවිතා කරමින් ෆයිල් කන්දම ටැබ්ලට් පරිගණයට ගෙන රාජකාරි කරන නිලධාරීන්ද නැතුවාම නොවේ. උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක බෙදා දීමේ යෝජනාවක් 2017 වසරේ අයවැයෙන් ගෙන ආවේ නව තාක්ෂණය කෙරෙහි ලංකාවේ දරුවන් හුරුකිරීමේ අරමුණෙන් විය යුතුය. 2017 වසර වෙනුවෙන් වූ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2016 වසරේ නොවැම්බරයේදී ය. ඒ එවකට මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි. කරුණානායක මහතා යෝජනා කර තිබුණේ 2017 වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙන සිසන් වෙනුවෙන් සහ උසස්පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන් වෙනුවෙන් ටැබ්ලට් පරිගණක ලබා දිය යුතු බවයි. එම වැඩකටයුතු ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාවර කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුවක් පත් කරනු ලැබීය. ඊට අදාළ තාක්ෂණික කමිටුවක් ද පත් කෙරිණි. ආයතනයකට මිලදීම් ගැනීම් සිදු කරද්දී විනිවිධ භාවයකින් සිදු කිරීම උදෙසා පත් කර ඇති කමිටුව ප‍්‍රසම්පාදන කමිටුව ලෙස හැඳින්වේ. ඉදිරිපත්වන ලංසුවට...

සීගිරි අප්පච්චි...

Image
නුබ කෙලිලොල් මගෙ දුවේ උඹ මගෙ මිදුල පුරා කොයිතරම් නම් ඒමේ අත සෙල්ලම් කරන්න ඇත්ද..? මේ අප්පච්චිගේ සෙවනේ මොනතරම් කලයක් උඹ සිටියද මගේ මැණිකේ.. රකුසු නෙත ගැටුණ ද.....  මා හඩවා උබ ගැහැණියක් උව.. උන් දැන් උබ ඒ මහ පර්වතයේ නිරුවත් කරලා.. කොහොමද තවත් මේ දුක මම දරාගන්නෙ..... මගෙ විලාපෙන් සුසුම් වලින් ඒ මහා ගල් කුල සෙල උනා මගෙ දුවේ... එත් තාමත් උබ එ ගිරිශිකරයේ නිරුවත්.. කොහොම උනත් උබ දැන් සිගිරි ළදුන් වෙලා.....  කවියෝ කවි ලියනවා... උබේ පපු කැහුතේ දුක දන්නේ නැතුව .... - තිස්ස -

මතක ප්‍රේමය

Image
තාරුකා ඇස් හඳ මඩල ලගින් හිඳ දහසක් නෙතු වසා කී ප්‍රේම කතාව තවමත් ඇසෙනවා වගෙයි මතක ප‍්‍රේමය පපුතුරෙලේ මුව සතපා ඇගිලි තුඩු හඳ පිරිමැද හුරතලෙන් ආදරේ කී අකීකරු ආලිංගන තවමත් පෙනෙවා වාගෙයි  කණකොක් සුද ආදරේ පැහැය වෙනස් කළා මතකයි   සමාජ ඉනි වැට පනිණු බැරි වාරු නැති දෙපා හැරගියා මා දෙනෝ දාහක් සෙනග අතරේ  හුදකලාවක ගිල්වා   සිත රිදවා සුසුම් ගිනියම්ව නෙතු අග කඳුලක් වු ප්‍රේමයේ මතකය ගුලි කොට භූගත කළෙමි යලි නොඑන්නට ජිවිතයට සිනාසුනෙමි  පිපෙනා මල් පරවෙනා බව මෙනෙහි කොට කමටහනක් සේ මතකය වැලිතලාවට යට කොට භූගත කොට වැලලිය නොහැකි අපේ ප්‍රේමය දුටුවෙමි සොඳුරිය  ගම හැර ගියද  මතක  අමතක කළ නොහැකි මතක ප්‍රේමය දිගු කලකින් අප හමුවු ගස් සෙවන දුටු මට ආදරේ සෙවන හැර යන්න අඳද දෙපා වාරු නැත නමුදු අද මා පමණකි කලකට පසු වට වැස්සට භූගත අලවැලක් සේ මතක ප්‍රේමය මහපොළව දෙබෑකොට හිරු එළිය සිප ගනි කලාමැදිරි  එළි දැල්වුණ රාත්‍රියක අප මැවු සිහිනය බොඳ කළ කාලය  දෙස බොඳවු දෙනෙතින් බලා සිටිමි මතකය මරා දැමිය නොහැකි වේදනාවක - අර්.යු. ප්‍රසන්න සංජිව...