සංවර්ධනයේ නිරුවත පියා මාමාගේ ඇසින් (අවසන් කොටස)

උස්ගලට  පෙනෙන ඇත්ත රටේ හැමෝටම පෙනනවානම් සංවර්ධනයේ ලොකුම කොටස හම්බන්තොටට ලැබුණා යැයි කියන උදවිය හම්බන්තොටට ලැබී ඇත්තේ    ලොකු විනාශයක් බව කියනු ඇතැයි  ඇතැයි මට සිතුණි. පියා මාමා තව පැහැදිලි කරයි .

  
පියා මාමා සමඟ ගිය උස්ගල ගමන  ගැන කතාවේ ආරම්භය සහ අනුන්ගේ පව්වලට කර ගැසූ හාමුදුරුවෝ ගැන මීට පෙර පළ විය.  පියා මාමා  උස්ගල  සිට මත්තල පෙන්වීම දක්වා  එම කතාවේ ඇතුළත් විය. මේ එහි දෙවැනි කොටසයි. 

උස්ගලට  පෙනෙන ඇත්ත රටේ හැමෝටම පෙනනවානම් සංවර්ධනයේ ලොකුම කොටස හම්බන්තොටට ලැබුණා යැයි කියන උදවිය හම්බන්තොටට ලැබී ඇත්තේ    ලොකු විනාශයක් බව කියනු ඇතැයි  ඇතැයි මට සිතුණි. පියා මාමා තව පැහැදිලි කරයි .

‘අර ඈතට නිල්ලට පේන්නේ මදුනාගල කැළේ.  ඒක අධිවේගි මර්ගය නිසා දෙකඩ වෙනවා.  උස්ගල කැළෙත් අහුවෙනවා. අධිවේගී එක නිසා මඳුනාගල හිටපු අලින්ටත් ඉන්න තැනක් නෑ.  මහපුදුම විනාශයක් කරන්නේ. මේකට සංවර්ධනය කියලත් කියනවා . මටනම් තෙරෙන්නෑ හාමුදුරුවනේ. මේ පැත්තේ ඉස්සර හරියට ගම්බාරෙලා හිටියේ. එක මනුස්සයෙකුට හරක් සීය දෙසීයේ රංචු හිටියේ. හොඳට සල්ලිය භාගේ තිබ්බා.  දැන් ඒ මිනිසුන් කබලෙන් ලිපට වැටිලා .අර පේන වල්සපුගල තෘණ භූමිය අධිවේගී මර්ගයට දෙකඩ වෙනවා .  ඒ මදිවට අධිවේගී මාර්ගයට පස් කපනවා. දේශපාලනික හිතවතුන් තමයි කරන්නේ. කිසිම බලපත්ර යක් නෑ. ගල් කොරියකුත් තියනවා.  තෘණ භූමිය විනාශයි. අහිංසක කිරිගොවින් නැත්තටම නැති කරනවා. දැන් ගොඩක් අය සත්තු ටික විකුණලා කුලී වැඩකට යනවා.  මේවා මතක් වෙනකොට ලේ රත්වෙන එක විතරයි වෙන්නේ.‘

පියා මාමා කියාගෙන ගියේය. එහෙත් බහුතරයක් මිනිසුන්ට තමන්ට අත්වන ඉරණම පිළිබඳ ලේ රත්වන්නේ හෝ අවබෝධයක් නැත. මන්ද පක්ෂ දේශපාලනය ඔවුන් කරතියාගෙන සිටින බැවිණි.

‘හාමුරුවනේ අර පැත්තට වෙන්න තමයි ඔබ වහන්සේ කැලේ කපනවට විරුද්ධව වැඩ කල නඹඩගස්වැව තියෙන්නේ. කටු වැව ඉහත්තාවෙත් අධිවේගි එකට පස් කැපුවා.  මනම්පේරි වැව් ඉහත්තාව කැළේ  කපන්න හැදුවා . හැම තැනම පස් කපනවා. ඇළ වේලිවලට හානි වෙනවා. වැවකින් වැවකට වතුර එන්න විදියක් නෑ. ඇහිරිලා. මේ පැත්තේ ගොඩක් මිනිසුන් ගොවිතැන් කරන අය ඉන්නේ. ඒකත් දැන් කරන්න අමාරුයි වතුර නෑ. තියන වැව් ඇළවේලි වනසනවා. කුඹුරක් පිටියක් හදාගත්තත් ඒක ආරක්ෂා කරගන්නවා කියන්නේ යුද්ධයක් වගේ. දැන් අපට ජිවත් වෙනවා කියන්නේ යුද්ධයක් හාමුදුරුවනේ.‘

සංවර්ධනයේ නිරුවත හෙළි කරන පියා මාමාගේ කතාවට මම හොඳින් ඇහුම්කන් දුන්නෙමි. රටේ උගතුන් බුද්ධිමතුන් කියන සංවර්ධනය පියා මාමාට අනුව තව එකකි. කාට වැරදිලා ඇද්ද මම සිතුවෙමි.

‘ හාමුදුරුවනේ ඇහෙනවා නේද   ගල් බොර දාන සද්දේ?  උස්ගල කැළේ  ඇතුලේ ගල්කොරි ගනනාවක් තියනවා.  අරපේන ගල් කන්ද තියන තැන පැරණි පන්සලක් තිබිලා තියනවා. මට හිතෙන විදියට වළගම්බා රාජ්යා කාලයට අයත් තැනක්.  එතනත් ගල්වලට අරගන්නවා.‘

 සංස්කෘතික උරුමයන් ගල්වලට ඇඹරිමේ සංවර්ධනය කුමක්දැයි මට සිතුණි. ‘එතකොට පියා මාමා ඔය සිංහල සංවිධනවල ඉන්න හාමුදුරුවරුන්  ඉන්නව නේ..‘

 ‘ ආ.....ඔව් මොකද නැත්තේ. ඉන්නවා.. සමහරු ඇවිත් යනවා.. එත් මේවා පෙන්නලා දෙන්න තරම් උනන්දුවක් නෑ. ‘

‘ඒ මොකද?

‘ඒකනම් අනේ මම දන්නෑ.‘

පියා මාමාට නොතේරෙන දේ ගැන   මම මගේ අදහස කිවේමි.

‘මාමා මේ වගේ තැන්වලත් ජාතිභෙදය වපුරන්න පුලුවන්නම් මේවාට උඩින් මැදිහත් වෙන්නේ.  සිංහල පාලකයන් ජාතික උරුමයන් වනසද්ධි පිරිත් නුල් පිරිත් පැන් බෙදනවා.  අනුශාසකවරු කැළය කපන එකටත් එහෙම තමයි. මාමා දැන් මේ පළාතේ වනවිනාශය කොච්චරද? එත් පරිසරයට මාර ආදරේ බව පෙන්වන්නත් ජාතිභෙදය නැතිව බෑ.‘

‘එක හරියට හරි හාමුදුරුවනේ. මේ පැත්තේ තරුණ කීපදෙනෙකුටත් කූරගල ප්ර ශ්නෙට නඩු තියනවා. ‘

‘ඒක ඇත්ත. මාමා අපට ඒක තෙරුනාට ඒ හිමිවරුන් සල්ලි සහ බලය හොයන මාධ්යන තමා ජාති වාදය. ගොඩ දෙනක් රැවටිලා. දේශපාලනඥයන් එකම විදියටම මිනිසුන් රවටන්නේ නෑ. රවටන ක්ර‍මය වෙනස් කරනවා. ඒක නිසා සමහර විරෝධතා මෙහෙයවන්නේ රජයමයි. ඒක විරෝධතා කරුවන් දැන්නේනෑ . ‘

‘ඒක හරියට හරි  හාමුදුරුවනේ..  ඒක තමා tv වල ඉන්න හාමුදුරුවරු මේ පැත්තට වැඩියම නෑසූ  කන් ඇතිව ඉන්නේ.  පෙනුනත් නොපෙන්නා  වගේ වැඩ ඉන්නේ.. අනේ අනිච්චන්...‘

උස්ගල සිට බලන අපට කැළය ඇතුලේ තිබෙන මහා පරිමාණ කෙසෙල් වගා කිහිපයක්ම දක්නට ලැබුණි. පියා මාමා අපට ඒ ගැන කිවේ මෙලෙසිනි.

‘මේ හැම වගා කරුවෙක්ම දේපාලන හිතවත් කම් මත තමා කරන්නේ. බැකෝ යන්ත්රග ගෙනත් කැළේ සුද්ධ කරලා දාන්නේ. හොඳට කෙසෙල් හැදෙනවා එතකොට.  වැව්වලට මොටර් දමලා වතුර අදිනවා.  සමාන්යන ගොවීන්ට කුඹුරු කරන්න තියන වතුරටික මංකොල්ල කනවා.  මේ වගාවලට අලි පනින්නෙත් නෑ. අලි වැටවල් දෙකක් තියනවා. ඉතින් අලි ඇවිත්  හානි කරන්නේ දුප්පත් අපි වගේ මිනිසුන්ගේ වගාවන්. අපේ වගාව කියන්නේ අපේ බඩ වියත හාමුදුරුවනේ. දැන් අපිට අලින් පේන්නේ මාරයෝ වගේ.  මිනිස්සු වගාවක් රකින්න විඳන දුකක්. සංවර්ධනය මෙච්චර භයානක එකක් කියලා අපි හිතුවේ නෑ.‘

පියා මාමාට කතා කිරිමට අවස්ථාව ලැබී ඇත. ඔහු දිගින් දිගටම කතා කරයි. නමුත් ප්රගසිද්ධියේ කතා කිරිමට ඔහුද බියවෙයි. හරියට මුදවා නොගත් ප්රචදේශයක් බඳුය. නිදහසේ ගොවිතැන් බතක් කර ජීවත් වූ නිදස් ජිවිතය දැන් ඔවුන්ට අහිමිය. බොහෝ දෙනා තමන්ගේ වගා බිමට සමුදී අධිවේගී මර්ගයේ  කුලිකරුවන් වී ඇත. එත් ඒ කී දවසකටද? සංවර්ධනය බිමේ මිනිසා නිෂ්පාදකයන් යන අර්ථයෙන් ගලවා කුලි කරුවන් බවට පත්කොට ඇත. මේ නම් කුමන සංවර්ධනයක්දැයි මට ද සිතුණි. කෙසේ නමුත් උස්ගලට සූරියවැව ජාත්යකන්තර ක්රිවඩාංගනයද පෙනෙයි මගේ මුවගට නැගුණේ සිනහවකි.

- වෑකඳවල රාහුල හිමි -
 






මෙම ලිපියේ පළමු කොටස  පහත දිගුවෙන්...
පියා මාමා සමඟ ගිය උස්ගල ගමන
https://bibulablog.blogspot.com/2017/12/blog-post_11.html

මෙම ලිපියේ පළමු කොටස  පහත දිගුවෙන්...
අනුන්ගේ පව්වලට කර ගැසූ හාමුදුරුවෝ
https://bibulablog.blogspot.com/2017/12/blog-post_76.html  

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්