සිංහරාජයේ වල්ලපට්ටා ජාවාරම ජයටම…
ස බරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති සිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද් යාත්මක වටිනා කම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය . එනමුත් ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවාරම් හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම , මැණික් පතල් හැරීම ඇතුළු නිති වීරෝධි ක් රියාවන් සිදුවෙමින් පවතී . සිංහරාජ වනාන්තරයේ මහා පරිමානයෙන් වල්ලාපට්ටා ජාවාරමක් සිදුවන බවත් , බලධාරීන් ඒ ගැන නිසි පියවරක් නොගන්නා බවත් වල්ලපට්ටා ජාවාරමට අදාල ඡායාරූප කිහිපයක් ද මාධ් ය වෙත ලබා දෙමින් පරිසර හා සොබා දහම් අධ් යයන මධ් යස්ථානය කියයි . එම මධ් යස්ථානය සඳහන් කළේ සිංහරාජය සුරැකීම උදෙසා තමන් ඇතුළු පරිසර සංවිධාන රජයට ලබා දුන් යෝජනාවලියට මේ වන තෙක් පිළිතුරක් ලැබී නැති බවයි . සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සිදුවෙතියි කියන සංහාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම සඳහා මරදාන සමාජ ...