නිකිණි මහේ පරිසර කඳවුර වීරකැටිය කුඩාබිබුල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. විහාරාධිකාරී වෑකඳවල රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ නේවාසික පරිසර කඳවුර පැවැත්විණි. 2018.08.03 සිකුරාදා දින සවස 5 ට ලියාපදිංචිය සිදුවූ අතර කඳවුරට සහභාගී වූ සහෝදර සහෝදරියන් හඳුනා ගැනීම සහ වටපිටාව ඇසට හුරකර ගැනීමමුලින්ම සිදු විය. පරිසර කඳවුරේ අරමුණ සහ සාමූහික වගකීම් පිළිබඳ දැනුම්වත් කරනු ලැබුවේ දේවාලේගම පේමරතන හිමියන් විසිනි. ඉන් පසු පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ දේශනය ආරම්භ විය. ජලය අපේ ජීවය බව පසක් කරමින් ජල සම්පත් මිහිතලයේ පවතින ආකාරය , ලොව පුරා ජල අර්බුද මතුවන ආකාරය , පාරම්පරික ඥාන සම්භාරයේ මූලික දර්ශනය , මහා සම්ප්‍රදායික සත්විද උරුමයන් , ජල සම්පතට ඇති තර්ජන ආදිය හෝරාවක් පුරාවට පැවැති රවීන්ද්‍ර මහතාගේ දේශනය තුළ විය. ඉන් පසු කෘෂිකර්ම උපදේෂිකා උපේක්ෂා නයනි මහත්මිය මී මැස්සන්ගේ ප්‍රජනන ක්‍රියවලියේ සිට මීමැසි රැජින බිහිවීම දක්වා සහ රාජ ජාලිය යනු , මීම