Posts

Image
  ඒ.  පී . මලීෂා මධුශානි ලි යන                                   පරිසරය අතැර ද්‍රව්‍යකරණය වීම                                             මේ කතාව ලියන මම හැමදාම පුරුද්දක් විදියට කරන්නෙ උදේට වැඩට ගිහින් ආයෙම හැන්දවෙලා ගෙදර එන එක.ඒ ඇවිල්ලත්  කාමරේට කොටු වෙලා ෆෝන් එක අතට අරන් උඩහට පහළට යන එක.ඔන්න ඔය විදියට තමයි මගේ මේ දවස් ගෙවෙන්නෙ.😞         වෙලාවකට මටම හිතෙනව ඇත්තටම මේ ජීවිතේ මොකද්ද කියලා 🤔. කොටින්ම කිව්වොත් නිදහස left. අඩු තරමින් ගෙදර අය එක්ක පවා කතාකරන්න වෙලාවක් නැති තරම්.👨‍👨‍👧‍👦...     ඉස්සර නම් එහෙම නෑ ඉතින්.ස්කෝලෙ ගිහින් ආවම කලබලේට හොයාගත්ත රෙදි ටිකත් ගුලි කරගෙන යන්නේ ඇලේ නාන්න🏊.නැත්තම් වෙළේ නියරවල් උඩින් දුවදුව මඩේ වැටි වැටි සෙල්ලම් කරන්න..නැත්තම් යාළුවො ටිකත් එක්ක පාසලේ එදිනෙදා දීපු වැඩ ටික කරන්න..ඒත් ඉතින් දැන් මේව නෑනේ.🥲      මේ කියන කාලෙ වෙද්දි අපේ ගෙදර ටී.වී එකක්වත් තිබුනෙ නෑ.ගෙයි සාලෙට ඒක ආවෙත් මේ මෑතකදී .ඔය ටී.වී එක නැති කාලෙ අපි ගෙදර හතර දෙනාම එදා දවසෙ වෙච්ච දේවල් ගැන කතා කළා..ඔය ඉස්සරම වෙච්ච දේවල් ගැන තාත්තා ලස්සනට කියල දෙනවා.භීෂණය කාලේ උන දේවල්.මිනිස්සු ඒ කාලේ හැස

සියොත් චාරිකා

Image
සියොත් චාරිකා  ඇලේ දොලේ දුව පනින්න ..ගහකොල සතා සීපාවා එක්ක කතා කරන්න.. නිදහසේ සාසිල විදගන්න මං හරිම ආසයි..එදා උදුවප් පොහොය දවස..පෝය දවස එනකම් දින දින ගනන් කරලා මං උදේම නැගිට්ටේ බලාපොරොත්තු ගොඩක් හිත පුරව ගෙන.. යාලුවො එක්ක කුරුල්ලන් බලන්න යන්න මං හිටියෙ ගොඩක් ආසාවකින්..   මම යහලුවන් සමඟ කුරුල්ලන් නැරඹීම ආරම්භ කලේය. මම මගේ පරිසරයට ගොඩක්  ආදරෙයි .. මා පලමුවෙන්ම දුටුවේ කොළරිසියා හෙවත් leaf bird කියන කුරුල්ලා.. leaf bird  සංචාරක කුරුල්ලෙක්.. මෙම කුරුල්ලා සීතල කාලය වෙන කොට වෙන රටකට යනවා. තවත් බොහෝ කුරුල්ලන් මම දුටුවා. පිට රට වල ශීත කාලය ආරම්භ වීමත් සමඟ ශීත කලාපයේ ජීවත් වන කුරුල්ලන් නොවැම්බර් ආරම්භයත් සමඟ ලංකාවට පැමිණේ. මොවුන් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ලංකාවේ රැදී සිටී.. අපි කුරුල්ලන් නැරඹීම ට යන ගමනේ ලංකාවට පැමිණි සංචාරක කුරුල්ලන් ගොඩක් දුටුවෙමි . කහ කුරුල්ලන්  ,කොලරීසියන්  , වැහිලිහිණියන් , මැසිමාරන් හා ක්‍රියාශීලි  bee eater ඒ  අතර විය.  Bee eater  රංචුවක් ගසක උඩ අත්තක වසා වේගයෙන් ගුවනේ සැරි සරමින් ආයෙම උඩ අත්තේ වසයි. එයාගේ පියාසර විලාශය බලා සිටීම මගෙ හිතට ලොකු සතුටක්. Bee eater  එයාට ඒ

ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග

Image
  ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග කුඩාබිබුල ගම් පියසේ පුදබ්මේ හිමිනමගේ අරමුණයි,"නිරෝගිකම  තමයි"මතු අපේ දියුණුවත්, හෙට දිනේ දරුවන්ට  තනමු සොදුරුතම ලොවක්. එක්ව පෙළගැසෙමු අපි  දම්වැලක පුරුක් සේ හැම ගෙබිමකම හදමු ආයූපෝෂිත ගෙවත්තක් ගෙනා ඒ දම් වදන් අප  හදේ රැවිදුණේ ඇරඹුවා එතැන් සිට නිවහනේ හදන්නට ගෙවත්තක් අපේ පුංචි පොඩි නිවහනේ මිරිස්,මෑ,තක්කාලි ,වම්බටු,පළා කොළ වලින් හැඩවි මල් පිපී ඵල දරයි අද දිනේ සිත් අපේ මල් ලෙසින් පිබිදෙමින් හරි තුටින් වෙනදා මගේ දරු පැටවු ඇහැරිලා හිමිදිරියේ රෑප පෙට්ටියේ දිග හැරෙන කාටුන් රෑරටා රස විදියි නෙත්සිත් පුරා රිසි ලෙසින් හැමදිනේ පෝෂිත ගෙවත්තත් හැඩවේවි ඵල දරන යාමයේ හිමිදිරියේ  දරුපැටවි දැන් නැගිට පියනගයි ගෙවත්තට අම්මේ අද හරි හැඩයි මල් පිපී,ගෙඩි හැදි කරලින්ද බර වෙලා මේ මගේ අතින් සිටවූ පැළය නේ දැයි අසයි දැනෙන සතුට කිව නොහැක පුත වචනයෙන් නුඹහට අපිත් අද වෙනස් වි පැටවුන්ද අලුත් වි විවෙකය අපේ ඵල දරයි නිරෝගිකමට මග සදයි වෙනදා අසල් වැසියන් සමග නිකරුනේ බස් දොඩයි අද සැවෝම එක් වෙලා සමගියත් උතුරලා යම් දැනුමක් බෙදයි ගෙවත්තට අරුතක් දෙමින් හැම ගෙදරක්ම කරලිනුත් බරවෙලා

සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය

Image
 සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය  ගමරාළගේ   වන්ගෙඩිය වගේ  වර්තමානයේ ලොකු කුඩා අපි හැමෝගේම ජිවිත සරල නැත.ජිවිතයේ සාර්ථකත්වය තීරණය කිරිම එකතු කර ගන්නා භාණ්ඩ මත තීරණය වෙයි එනිසා වැඩි වැඩියෙන් බාණ්ඩ එකතු කිරිමට මුදල් හම්බ කළ යුතුය .මුදල් එකතු කිරිමට නම් දවසේ වැඩි  කාලයක් වැය කිරිමට සිදුවේ .අධිපරිබෝජන රටාව තුළ බොහෝ දෙන ගොදුරු බවට පත්ව ජිවිතයේ සතුට විවේකය ආදරය අහිමි කර ගනිමින් තිබේ.ජිවිතය අහිමි කරගත් වැඩිහිටියන් දරුවන්ට සාර්ථකත්වය පෙන්වා දෙන අධ්‍යාපනය වන්නේ තරඟකාරීව අනේකාට නැති දෑ . අනේකාට අහිමි අවස්ථා  තමා වටා එකතු කිරිමේ සාර්ථකත්වයයි. එසඳහා ළමයාගේ ළමා කාලය පාගා පොඩි කර ගෙන වුව ගමන් කිරිමට වැඩිහිටියන් මේ සමාජ ක්‍රමය තුළ පොළොබවා ඇත.ගමරාළගේ ගෙදර භාණ්ඩ ගොඩක් නැත.එකම වන්ගෙඩිය වැඩ ගොඩක් කිරිමට බවිතා කරයි.ගමරාළගේ නිවසේ බොහෝ දේ නැවත නැවත බවිතයට ගනි. ගමරාළ තමා අවට ගහ කොළ සතා සිවුපාවා සමඟ එකට ජිවත්වේ .තමා අතින් යම් හානියක් පරිසරයට වන විට ගමරාළ   නැවත එය පුරවා තැබිමේ ගුණය ඔහු සතුය.විවේකය සතුට ආදරය ගමරාළ ජිවියට එකතු කරගෙන ඇත.එය වැඩි වැඩියෙන් භාණ්ඩ එකතු කර සමාජය සතුටු කරන්නට ගොස් තමාගේ සතුට විවේකය අහිමි ක

සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු .

Image
 සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු . අයුපෝෂණ ගෙවත්ත පදනම් කර ගනිමින් වස විසෙන් ⁣තොර මහපොළොව සුවපත් කරන ⁣සොබාදහමේ ගොවිතැන සොයා යායුතුය . එය ජනතාව දැනුවත් කරමින් සමාජය සුදානම් කරමින් ක්‍රමිකව සිදු කළ යුත්තකි .තවද  සමාගම් වෙනුවට ගොවියා මුල් කරගත් ගොවිතැන විසයෙහි පෙළ නිර්මාණය  විය යුතුය.ඒ සඳහා ජාතිකවැඩ පිළිවෙලක් නිර්මාණය විය යුතුය.  ආයූ පෝෂණ ගෙවත්ත 🌻(තුන්වන පියවර)🌻 ඉහත ලිපි කිහිපයකදී අපි පෝෂණ ගෙවත්තක තිබිය යුතු ගුණාංග සහ ගෙවත්ත නිර්මාණය කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉතාම පැහැදිලිව විස්තර සදහන් කරනු ලැබුවා.       💜️මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දියර පොහොරක් සාදා ගන්නේ කෙසේද පිළිබඳවයි.මෙමෙ දියර පොහොර මගින් නිරෝගිමත් පසක් ලබා ගැනීමට හැකි වන අතර.අපගේ ගෙවත්තේ තිබෙන එළවළු 🥒🌶️🥕🍆පළතුරු 🍓🍍🍊🍌 මල් වර්ග 🌻🌺🌹🌷 වල වර්ධනය හීන ව්මට බලපානු ලබන සියලුම ගැටළු මෙම දියර පොහොර භාවිතය මගින් අවම කර ගත හැකිය.තවද විවිධ කරදරකාරි සතුන්  🐞🐜🐛🐌 මගින් සිදුවන හානිද අවම කර ගත හැකිය.මෙය දියර පොහොරක් මෙන්ම කෘමි විකර්ශකයක් ලෙසද භාවිතා කිරීමට හැක😊මෙහි ප්‍රධාන අරමුණ පස හා මහ පොලව සුවපත් කිරි

පොහොර අපිම සාදා ගමු

Image
පොහොර අපිම සාදා ගමු ආයූ පෝෂණ ගෙවත්ත පලමු ලිපියෙ අපගේ ගෙවත්තේ ඇතුලත් විය යුතු බෝග වර්ග සහ රස අනුව ගෙවත්ත වර්ගිකරනය කල යුතු ආකාරය පැහැදිලි කලා.මෙම ලිපිය මගින් පැහැදිලි කරනු ලබන්නේ අපගේ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර,දියර පොහොර සහ කෘමි විකර්ශක,පැළ තවානක් සහ පැළයක්  🌴නිවරදිව අප විසින්ම සකස් කර ගන්නෙ කෙසේද? යන වගයි.අපි බලමු මේ දේවල් අපගේ නිවස තුළම සකසා ගන්නේ    කොම්පෝස්ට් පොහොර සැදීම     💜 කොම්පෝස්ට් පොහොර ගොඩ ක්‍රමය සහ වල ක්‍රමයට ලෙස සදා ගත හකිය.මේ වන විට බොහෝ දෙනා ගොඩ ක්‍රමයට මෙය සිදු කරනු ලබයි.තවද නිවසින් බැහැර කරන එළවළු,පළතුරු ආදිය එකතු කරමින් කෝටූ දැල් ක්‍රමයටද කොම්පෝස්ට් පොහොර සදා ගත හැකිය.(ඉවත දමනු ලබන ඉදුල්, පොල් කුඩු,අළු වැනි දේ මෙයට එකතු නොකරයි). කොම්පෝස්ට් පොහොර සාදා ගන්නා ආකාරය. 🍁 පළමුව සුදුසු බිමක් තෝරා ගත යුතුය.(අධික ලෙස 🌞 එළිය නොවැටෙන සහ ජලය නොරැඳෙන ස්ථානයක් විය යුතුය) 🍁වියලි කොල ස්ථරයක් පළමුව අතුරා ගන්න.(පිදුරු හෝ වියලු කොල) 🍁 ඒ මතට වියළි ගොම ස්ථරයක් යොදන්න. 🍁 ඒ මතට නැවත අමු කොල යොදා ගන්න.කෙසෙල් කඳන් ආදිය.එයට අමු ගොම දිය කර දැමිය හැකිය. 🍁 ඉන් පසුව කොම්පෝස්ට් මුහුන්

වවන්නෝ දිනන්නෝය.

Image
 වවන්නෝ දිනන්නෝය.     මේ වන විට මිනිසාගේ නීරෝගී ශාරීරික පැවැත්ම නිසි ආකාරව පෝෂණය කිරීම සදහා අප සියළු දෙනාම ආයු පෝෂණ ගෙවත්තක් තම නිවස තුලම ප්‍රායෝගිකව ආරම්භ කර ඇත.🍀🍀එම ගෙවත්ත පවත්වාගෙන යෑමේදී අප හට ගොඩනැගෙන විවිධ ප්‍රශ්න සදහා  රසායනික පොහොර වලින් තොරව පරිසරයට හා ශරීරයට අහිතකර නොවන ලෙස කාබනික පොහොර වර්ග සාදා ගනිමින් අපගේ ආයු පෝෂණ ගෙවත්ත නිසි ආකාරයට පවත්වා ගැනීමට අප සියලුම දෙනා දැඩි කැමැත්ත දක්වනු ලබයි.😊😊 නමුත් වගාවට  දිනෙන් දින ඇති වන කෘමි හානි🐜🐞🐛,පැළ වල වර්ධනය අඩු විම🥀🍂 වැනි ප්‍රශ්න නිසා  වගාව නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වේ.ඒ සදහා විසදුමක් ලෙස අප නිවසේදී සකසා ගත හැකි දියර පොහොර වර්ග කිහිපයක් පහතින් සහහන්ව ඇත.👇👇👇👇👇👇👇👇👇👇  ජීව මුත්‍රම් දියර පොහොර 🍄 ජීව මුත්‍රම් යනු ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රයෙන් සාදනු ලබන නිස්සාරකයක් වන අතර මෙම දියරය ශාක වර්ධනය වැදගත් වන දියරයකි.ක්ෂුද්‍ර ජීවීන්ගෙ ක්‍රියාකාරිත්වය මගින් මෙය වර්ධනය වේ. 🍂අවශ්‍ය ද්‍රව්‍ය (ලීටර් 200ක් සදහා) 🍀ලීටර් 200 ක ප්ලාස්ටික් බැරලයක්. 🍀අමු එළ ගව ගොම 10kg 🍀ගව මුත්‍රා ලීටර් 10 🍀සක්කර හෝ හකුරු /දුඹුරු සීනී 2kg 🍀දෙපිලි බ