Posts

ඔබත් රැයකදි ඇවිත් යනු මැන

Image
නියං කාලෙට හිඳෙන වැව ලඟ නෙළුම් මල් නොපිපුනත් තනියට අන්න එතනයි මම උපන් තැන ඔබත් උදයක ඇවිත් යනු මැන හුදකලාවෙන් සුළඟ සිඹ සිඹ අවාරයටත් ඵල බෙදන ගස අන්න එතනයි මම හිඳින තැන ඔබත් දවසක ඇවිත් යනු මැන අමාවකටත් සඳ පෙනෙන ලෙස තැනක් මතු දින මෙ'බිම ඉදිකර අන්න එතනයි මම නිදන තැන ඔබත් රැයකදි ඇවිත් යනු මැන - ඉලක්ෂ ජයවර්ධන - 

කොළඹ අහස යට...

Image
ගමේ ඉපදුණු උඹ මේ අහස ගැන දන්නෑ... උඹේ සිනහව හරියට සීතල සුළඟ වාගේ... උඹේ නෙතු හරියට නිල් මැණික් වගේ... උඹේ හම චන්ද්රකාන්ති පාෂාණය වගේ... ඔබෙ කෙහෙරැල් හරියට නොමේරූ කිතුල වගේ... මෙතරම් ලස්සන ඇයි... ඇයි... උඹ මේ අහස යටට ආවේ... මෙහෙ උන් මතට ලොල් වෙලා.. රාගයෙන් මත් වෙලා... මුන් හරියට ලස්සන මල්වල රොන්ගන්නා බඹරු වගේ මේ අහස යට හරිම වියරු යි මගෙ නංගියේ... - නුවන් සඳකැළුම් - 

විභාගය සරසවිය සහ ජීවිතය

Image
කිමද දෑසේ        කඳුලූ හද සසලන       ගඟුලූ සිනහ නුඹෙන්    උදලූ ප්‍රතිඵලයද         ලබලූ දින දින නුඹ    ගැන්නා විස්වාසය            රන්දා ඔවදන්       රකිමින්නා සරසවි මව්        හින්දා අද දොරටුව      වැසිලා ගියත් අගුලු     වැටිලා නාඩන් නුඹ      දැවිලා අහිමි සිහිනෙ  සිතලා දිවිය නොවේ   සරසවිය දිනා ඇතේ නුඹ    සවිය දිරිය අරන් සිත     සරිය නව මගකට ගමු   දිවිය විභාගයට සිත් පිත් නෑ නමුදු ගමන වලකනු බෑ හැකියාවන් වියකනු බෑ නුඹ හට වරදනු  නම් බෑ ජය පැරදුම මේ       දිවියේ සැමට පොදුයි එක විලසේ ආසිරි ගෙන අප    සැමගේ ඉගිල්ලෙන්නට මේ  අහසේ - ද...

Death of socrates හෙවත් සොක්‍රටීස්ගේ මරණය

Image
  Death of socrates හෙවත් සොක්රිටීස්ගේ මරණය නමැති ඉහත කළා කෘතිය (1787) ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන ජාක්-ලුවී-ඩේවිඩ් ගේ තෙල් සායම් චිත්‍රණයකි. මොහු නියෝජනය කරන කලා  භාවිතාව නව සම්භාව්යෝවාදය යයි කියනු ලැබේ. මොහුගේ තවත් ප්‍රකට චිත්‍ර ලෙස, ‘මරාත් ගේ මරණය’, ‘හොරෙෂියාගේ දිව්රුම’ හඳුනාගත හැකිය.  මෙම ඉහත කලාකෘතියට පාදක වන්නේ මානව ඉතිහාසයේම එක්තරා ඛේදජනක සිදුවීමකි. තර්කය මුල් කරගත් දර්ශනයේ ආරම්භක චින්තකයා ලෙස සැලකිය හැකි, පුරාණ ග්‍රීක දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස්ගේ මරණය සිදු වන මොහොත මෙයට පාදක වී තිබේ. සොක්‍රටීස්ට වයස හැත්තෑවේ දී පමණ ඔහුට ග්‍රීසියේ පාලනය විසින් මුලික චෝදනා දෙකක් එල්ල කර ඔහු එම වරද පිළිගන්නේ නම් රටෙන් පිටුවහල් වන ලෙසත් නැතිනම් වස පානය කර මිය යන ලෙසත් නියෝග කරයි. රාජ්‍ය(පල්ලිය) විසින් පිළිගන්න ලද දේව මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම සහ තරුණයන්ගේ සිත් දුෂණය කිරීම ඔහුට එල්ල වන චෝදනාවේ. තම ශිෂ්‍යන්ට සිය අවසාන පාඩම කියාදෙමින් චෝදනාවලට වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කල සොක්‍රටීස් වස පානය කල මියගිය බව ප්ලේටෝගේ ලේඛන වල සඳහන් වේ.  මෙම චිත්‍රය දෙස හොදින් බලු විට ලුවී-ඩේ...

ඡන්ද බිත්තරේ කාටද?

Image
පළාත් පාලන ඡන්දය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයටයි. මෙතෙක් එක පක්ෂයක් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග වදින අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග වදියි. පළාත් පාලන ආයතන තුළ වැඩි කොටස පෙන්වීමට මේ දොකොට්ඨාසය අතර ඇත්තේ විශාල තරගයකි.  මේ තරගය අස්සේ ජනතා විමුක්ති පෙරමුණට කුමණ ඉරණමක් අත්වේද? මේ කාටූනය ඒ ගැනයි. කාටූනය - හසිත් කසන්ජි රහන්දික

සංවර්ධනයේ නිරුවත පියා මාමාගේ ඇසින් (අවසන් කොටස)

Image
උස්ගලට  පෙනෙන ඇත්ත රටේ හැමෝටම පෙනනවානම් සංවර්ධනයේ ලොකුම කොටස හම්බන්තොටට ලැබුණා යැයි කියන උදවිය හම්බන්තොටට ලැබී ඇත්තේ    ලොකු විනාශයක් බව කියනු ඇතැයි  ඇතැයි මට සිතුණි. පියා මාමා තව පැහැදිලි කරයි .

රම්‍ය විල්පත් වන රමණී

Image
රටේ උරුමය දැයේ ජීවය රැක්ක වන කොමළී... ඉකි බිඳියි මියැදෙන්න ළං වී රොද බැඳෙව් රැක ගන්න පණ දී... රම්‍ය විල්පත් වන රමණී... හරිත සළු පොරවා තුටින් දැයට රන් කිරි පෙව් ළඳුන් ලොවෙන් ජීවය යදින මොහොතයි රොද බැඳෙව් රැක ගන්න පණ දී රම්‍ය විල්පත් වන රමණී... සුපිපි ලිය ගොමු වියැකිලා විහඟ කූජන සැඟවිලා කුවේණියගේ මරු විලාපය වසා ගෙන වන රොද පුරා රොද බැඳෙව් රැක ගන්න පණ දී රම්‍ය විල්පත් වන රමණී... ගේය පද රචනය - එච් කේ අරුණසිරි