Posts

Showing posts from December, 2021

ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග

Image
  ආයූ පෝෂිත ගෙවත්ත සමග වෙනස් කළ අපේ දිවිමග කුඩාබිබුල ගම් පියසේ පුදබ්මේ හිමිනමගේ අරමුණයි,"නිරෝගිකම  තමයි"මතු අපේ දියුණුවත්, හෙට දිනේ දරුවන්ට  තනමු සොදුරුතම ලොවක්. එක්ව පෙළගැසෙමු අපි  දම්වැලක පුරුක් සේ හැම ගෙබිමකම හදමු ආයූපෝෂිත ගෙවත්තක් ගෙනා ඒ දම් වදන් අප  හදේ රැවිදුණේ ඇරඹුවා එතැන් සිට නිවහනේ හදන්නට ගෙවත්තක් අපේ පුංචි පොඩි නිවහනේ මිරිස්,මෑ,තක්කාලි ,වම්බටු,පළා කොළ වලින් හැඩවි මල් පිපී ඵල දරයි අද දිනේ සිත් අපේ මල් ලෙසින් පිබිදෙමින් හරි තුටින් වෙනදා මගේ දරු පැටවු ඇහැරිලා හිමිදිරියේ රෑප පෙට්ටියේ දිග හැරෙන කාටුන් රෑරටා රස විදියි නෙත්සිත් පුරා රිසි ලෙසින් හැමදිනේ පෝෂිත ගෙවත්තත් හැඩවේවි ඵල දරන යාමයේ හිමිදිරියේ  දරුපැටවි දැන් නැගිට පියනගයි ගෙවත්තට අම්මේ අද හරි හැඩයි මල් පිපී,ගෙඩි හැදි කරලින්ද බර වෙලා මේ මගේ අතින් සිටවූ පැළය නේ දැයි අසයි දැනෙන සතුට කිව නොහැක පුත වචනයෙන් නුඹහට අපිත් අද වෙනස් වි පැටවුන්ද අලුත් වි විවෙකය අපේ ඵල දරයි නිරෝගිකමට මග සදයි වෙනදා අසල් වැසියන් සමග නිකරුනේ බස් දොඩයි අද සැවෝම එක් වෙලා සමගියත් උතුරලා යම් දැනුමක් බෙදයි ගෙවත්තට අරුතක් දෙමින් හැම ගෙදරක්ම කරලිනුත් බරවෙලා

සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය

Image
 සොබාදහම් පාසලේ කතන්දර මණ්ඩපය  ගමරාළගේ   වන්ගෙඩිය වගේ  වර්තමානයේ ලොකු කුඩා අපි හැමෝගේම ජිවිත සරල නැත.ජිවිතයේ සාර්ථකත්වය තීරණය කිරිම එකතු කර ගන්නා භාණ්ඩ මත තීරණය වෙයි එනිසා වැඩි වැඩියෙන් බාණ්ඩ එකතු කිරිමට මුදල් හම්බ කළ යුතුය .මුදල් එකතු කිරිමට නම් දවසේ වැඩි  කාලයක් වැය කිරිමට සිදුවේ .අධිපරිබෝජන රටාව තුළ බොහෝ දෙන ගොදුරු බවට පත්ව ජිවිතයේ සතුට විවේකය ආදරය අහිමි කර ගනිමින් තිබේ.ජිවිතය අහිමි කරගත් වැඩිහිටියන් දරුවන්ට සාර්ථකත්වය පෙන්වා දෙන අධ්‍යාපනය වන්නේ තරඟකාරීව අනේකාට නැති දෑ . අනේකාට අහිමි අවස්ථා  තමා වටා එකතු කිරිමේ සාර්ථකත්වයයි. එසඳහා ළමයාගේ ළමා කාලය පාගා පොඩි කර ගෙන වුව ගමන් කිරිමට වැඩිහිටියන් මේ සමාජ ක්‍රමය තුළ පොළොබවා ඇත.ගමරාළගේ ගෙදර භාණ්ඩ ගොඩක් නැත.එකම වන්ගෙඩිය වැඩ ගොඩක් කිරිමට බවිතා කරයි.ගමරාළගේ නිවසේ බොහෝ දේ නැවත නැවත බවිතයට ගනි. ගමරාළ තමා අවට ගහ කොළ සතා සිවුපාවා සමඟ එකට ජිවත්වේ .තමා අතින් යම් හානියක් පරිසරයට වන විට ගමරාළ   නැවත එය පුරවා තැබිමේ ගුණය ඔහු සතුය.විවේකය සතුට ආදරය ගමරාළ ජිවියට එකතු කරගෙන ඇත.එය වැඩි වැඩියෙන් භාණ්ඩ එකතු කර සමාජය සතුටු කරන්නට ගොස් තමාගේ සතුට විවේකය අහිමි ක

සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු .

Image
 සමාගම් පදනම් කරගත් ගොවිතැන පිටු දකිමු . අයුපෝෂණ ගෙවත්ත පදනම් කර ගනිමින් වස විසෙන් ⁣තොර මහපොළොව සුවපත් කරන ⁣සොබාදහමේ ගොවිතැන සොයා යායුතුය . එය ජනතාව දැනුවත් කරමින් සමාජය සුදානම් කරමින් ක්‍රමිකව සිදු කළ යුත්තකි .තවද  සමාගම් වෙනුවට ගොවියා මුල් කරගත් ගොවිතැන විසයෙහි පෙළ නිර්මාණය  විය යුතුය.ඒ සඳහා ජාතිකවැඩ පිළිවෙලක් නිර්මාණය විය යුතුය.  ආයූ පෝෂණ ගෙවත්ත 🌻(තුන්වන පියවර)🌻 ඉහත ලිපි කිහිපයකදී අපි පෝෂණ ගෙවත්තක තිබිය යුතු ගුණාංග සහ ගෙවත්ත නිර්මාණය කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉතාම පැහැදිලිව විස්තර සදහන් කරනු ලැබුවා.       💜️මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දියර පොහොරක් සාදා ගන්නේ කෙසේද පිළිබඳවයි.මෙමෙ දියර පොහොර මගින් නිරෝගිමත් පසක් ලබා ගැනීමට හැකි වන අතර.අපගේ ගෙවත්තේ තිබෙන එළවළු 🥒🌶️🥕🍆පළතුරු 🍓🍍🍊🍌 මල් වර්ග 🌻🌺🌹🌷 වල වර්ධනය හීන ව්මට බලපානු ලබන සියලුම ගැටළු මෙම දියර පොහොර භාවිතය මගින් අවම කර ගත හැකිය.තවද විවිධ කරදරකාරි සතුන්  🐞🐜🐛🐌 මගින් සිදුවන හානිද අවම කර ගත හැකිය.මෙය දියර පොහොරක් මෙන්ම කෘමි විකර්ශකයක් ලෙසද භාවිතා කිරීමට හැක😊මෙහි ප්‍රධාන අරමුණ පස හා මහ පොලව සුවපත් කිරි

පොහොර අපිම සාදා ගමු

Image
පොහොර අපිම සාදා ගමු ආයූ පෝෂණ ගෙවත්ත පලමු ලිපියෙ අපගේ ගෙවත්තේ ඇතුලත් විය යුතු බෝග වර්ග සහ රස අනුව ගෙවත්ත වර්ගිකරනය කල යුතු ආකාරය පැහැදිලි කලා.මෙම ලිපිය මගින් පැහැදිලි කරනු ලබන්නේ අපගේ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර,දියර පොහොර සහ කෘමි විකර්ශක,පැළ තවානක් සහ පැළයක්  🌴නිවරදිව අප විසින්ම සකස් කර ගන්නෙ කෙසේද? යන වගයි.අපි බලමු මේ දේවල් අපගේ නිවස තුළම සකසා ගන්නේ    කොම්පෝස්ට් පොහොර සැදීම     💜 කොම්පෝස්ට් පොහොර ගොඩ ක්‍රමය සහ වල ක්‍රමයට ලෙස සදා ගත හකිය.මේ වන විට බොහෝ දෙනා ගොඩ ක්‍රමයට මෙය සිදු කරනු ලබයි.තවද නිවසින් බැහැර කරන එළවළු,පළතුරු ආදිය එකතු කරමින් කෝටූ දැල් ක්‍රමයටද කොම්පෝස්ට් පොහොර සදා ගත හැකිය.(ඉවත දමනු ලබන ඉදුල්, පොල් කුඩු,අළු වැනි දේ මෙයට එකතු නොකරයි). කොම්පෝස්ට් පොහොර සාදා ගන්නා ආකාරය. 🍁 පළමුව සුදුසු බිමක් තෝරා ගත යුතුය.(අධික ලෙස 🌞 එළිය නොවැටෙන සහ ජලය නොරැඳෙන ස්ථානයක් විය යුතුය) 🍁වියලි කොල ස්ථරයක් පළමුව අතුරා ගන්න.(පිදුරු හෝ වියලු කොල) 🍁 ඒ මතට වියළි ගොම ස්ථරයක් යොදන්න. 🍁 ඒ මතට නැවත අමු කොල යොදා ගන්න.කෙසෙල් කඳන් ආදිය.එයට අමු ගොම දිය කර දැමිය හැකිය. 🍁 ඉන් පසුව කොම්පෝස්ට් මුහුන්

වවන්නෝ දිනන්නෝය.

Image
 වවන්නෝ දිනන්නෝය.     මේ වන විට මිනිසාගේ නීරෝගී ශාරීරික පැවැත්ම නිසි ආකාරව පෝෂණය කිරීම සදහා අප සියළු දෙනාම ආයු පෝෂණ ගෙවත්තක් තම නිවස තුලම ප්‍රායෝගිකව ආරම්භ කර ඇත.🍀🍀එම ගෙවත්ත පවත්වාගෙන යෑමේදී අප හට ගොඩනැගෙන විවිධ ප්‍රශ්න සදහා  රසායනික පොහොර වලින් තොරව පරිසරයට හා ශරීරයට අහිතකර නොවන ලෙස කාබනික පොහොර වර්ග සාදා ගනිමින් අපගේ ආයු පෝෂණ ගෙවත්ත නිසි ආකාරයට පවත්වා ගැනීමට අප සියලුම දෙනා දැඩි කැමැත්ත දක්වනු ලබයි.😊😊 නමුත් වගාවට  දිනෙන් දින ඇති වන කෘමි හානි🐜🐞🐛,පැළ වල වර්ධනය අඩු විම🥀🍂 වැනි ප්‍රශ්න නිසා  වගාව නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වේ.ඒ සදහා විසදුමක් ලෙස අප නිවසේදී සකසා ගත හැකි දියර පොහොර වර්ග කිහිපයක් පහතින් සහහන්ව ඇත.👇👇👇👇👇👇👇👇👇👇  ජීව මුත්‍රම් දියර පොහොර 🍄 ජීව මුත්‍රම් යනු ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රයෙන් සාදනු ලබන නිස්සාරකයක් වන අතර මෙම දියරය ශාක වර්ධනය වැදගත් වන දියරයකි.ක්ෂුද්‍ර ජීවීන්ගෙ ක්‍රියාකාරිත්වය මගින් මෙය වර්ධනය වේ. 🍂අවශ්‍ය ද්‍රව්‍ය (ලීටර් 200ක් සදහා) 🍀ලීටර් 200 ක ප්ලාස්ටික් බැරලයක්. 🍀අමු එළ ගව ගොම 10kg 🍀ගව මුත්‍රා ලීටර් 10 🍀සක්කර හෝ හකුරු /දුඹුරු සීනී 2kg 🍀දෙපිලි බ

covid වලට සැබෑ විසදුම ගෙවත්තයි.

Image
  covid වලට සැබෑ විසදුම ගෙවත්තයි. ආයු පෝෂක ගෙවත්ත යනු ආයූ (ආයුශ) වර්ණ (පැහැය) සැප ( සතුට) 😃  බල (ශක්තිය) ප්‍රඥා (බුද්ධිය) යන පංචවිධ බල ජදගොඩනගන ස්ථානයයි.මෙය නිර්මාණය කර ගත යුත්තේ අප විසින්මය.මෙවැනි ගෙවත්තක් තුලින් අප ලබා ගන්නා නැවුම් එළවළු පළතුරු මගින් අප ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ලැබෙනු ඇත.මෙයට හොදම උදාහරණයක් ලෙස  මෑත කාලයේ පවතින #covid 19 වෛරසය ගත හැකිය.පෝෂණය පිරි ආහාර වේලක් ලබා නොගැනීම නිසා මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ නොමැති වීම නිසා බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු ව මරණයට පවා පත් වේ.😥 වස විස වලින් තොර ආහාර ලබා ගැනීම මගින් අපිට බොහොමයක් රෝග වලින් මිදිමට හැකියාව ඇත.ආහාරය යනු මිනිසාට අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර එය නිසි පෝෂණයෙන් ලබා ගැනිමට නොහැකි වීම නිසා මිනිසාට මෙම විවිධ රෝගයන්ට ගොදුරුව දුක් 😟 පීඩා විදීමට සිදුව ඇත.    ආයු පෝෂක ගෙවත්තක් සකසා ගන්නෙ කෙසේද.🤔 සෑම පුද්ගලයෙකුටම තම නිවසේ පුංචි ඉඩක ගෙවතු ව්ගාවක් කර ගැනිමට හැකි වන අතර එමගින් අප හට ආර්ථිකව හා මානසිකව ද සෑහීමකට පත් විමට හැක.තවද නැවුම් එළවළු  පළතුරු අපට ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකිය.තවද ආහාර රටාවේ ව්ව්ධත්වයක් තිබිය යුතු අතර ග

ආයු පෝෂණ ගෙවත්ත

Image
ආයු පෝෂණ ගෙවත්ත  ප්‍රධාන වශයෙන් ආයු පෝෂණ ගෙවත්තේ සංකල්පය වන්නේ මිනිසා මෙන්ම අනෙකුත් සතාසීපාවා ද ගහ කොල ද වඩා නිරෝගීව සිටීම පරිසර පද්ධතියක පැවැත්ම සඳහා ඉතා වැදගත් බවයි. එහෙයින් එය පෝෂණය කිරීම සඳහා ආයු පෝෂණ ගෙවත්ත සංකල්පය සොබා දහම් පාසල විසින්  මේ වන විටත් ප්‍රයෝගිකව ආරම්භ කර ඇත.   ආයු පෝෂණය යන්නෙන් අර්ථවත් වන්නේ ආයු පෝෂණය කිරීම හෙවත් ආයු වර්ධනය කිරීම යන්නය . යමෙකුට ලැබී ඇති ජීවිතය නිරෝගීමත්ව පවත්වාගෙන යාම තුළින් වඩා නිරෝගී  දිගු ආයු කාලයක් වැළඳිය හැකිය. එසේම එය වඩා ඵලදායි ආයෝජනයක් ලෙස  යොදාගත හැකිය .    පරිසරයේ සමතුලිතතාව රැඳී ඇත්තේ එහි පද්ධතික ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වන්නේ නම් පමණකි.ඒ සඳහා ප්‍රධාන සාධක තුනක් අත්‍යවශ්‍ය වේ විවිධත්වය සංරක්ෂණය සහ ප්‍රතිචක්‍රිය  කරණය   හෙවත් ප්‍රති උත්පාදනයයි.   විවිධත්වය යන්නෙන්  අර්ථවත් වන්නේ සත්ව ශාක විවිධත්වය සේම පොදු මිනිස් සමාජයක් ගත් කල ජාති ආගම් කුල පක්ෂ පාට ස්ත්‍රී පුරුෂ ආදී විවිධ වෙනස්කම් එසේත් නොමැති නම්  වෙනස් විදියේ හැඩය පරිසර පද්ධතියක තුලිතතාව රඳා පවත්වා ගැනීමට හෙතුවේ.  පද්ධතියේ පවතින්නාවූ ශාක සත්ව ගහනයන් හි විවිධත්වය පැවතිය යුතුය .ආහා

මම නුඹට ආදරේයි

Image
 මම නුඹට ආදරේයි   බදා වැලද ගමි සෙනෙහසින් සෙවන දුන් කිසිත් නොපතා ⁣සිසිල දී මවක් ලෙස පියෙක් ලෙස මිතුරු  ලෙසින් ලඟ හිඳ හුස්ම දෙන     ආදරේයි ආදරේයි මම නුඹට ආදරෙයි