Posts

Showing posts from December, 2017

ඔබත් රැයකදි ඇවිත් යනු මැන

Image
නියං කාලෙට හිඳෙන වැව ලඟ නෙළුම් මල් නොපිපුනත් තනියට අන්න එතනයි මම උපන් තැන ඔබත් උදයක ඇවිත් යනු මැන හුදකලාවෙන් සුළඟ සිඹ සිඹ අවාරයටත් ඵල බෙදන ගස අන්න එතනයි මම හිඳින තැන ඔබත් දවසක ඇවිත් යනු මැන අමාවකටත් සඳ පෙනෙන ලෙස තැනක් මතු දින මෙ'බිම ඉදිකර අන්න එතනයි මම නිදන තැන ඔබත් රැයකදි ඇවිත් යනු මැන - ඉලක්ෂ ජයවර්ධන - 

කොළඹ අහස යට...

Image
ගමේ ඉපදුණු උඹ මේ අහස ගැන දන්නෑ... උඹේ සිනහව හරියට සීතල සුළඟ වාගේ... උඹේ නෙතු හරියට නිල් මැණික් වගේ... උඹේ හම චන්ද්රකාන්ති පාෂාණය වගේ... ඔබෙ කෙහෙරැල් හරියට නොමේරූ කිතුල වගේ... මෙතරම් ලස්සන ඇයි... ඇයි... උඹ මේ අහස යටට ආවේ... මෙහෙ උන් මතට ලොල් වෙලා.. රාගයෙන් මත් වෙලා... මුන් හරියට ලස්සන මල්වල රොන්ගන්නා බඹරු වගේ මේ අහස යට හරිම වියරු යි මගෙ නංගියේ... - නුවන් සඳකැළුම් - 

විභාගය සරසවිය සහ ජීවිතය

Image
කිමද දෑසේ        කඳුලූ හද සසලන       ගඟුලූ සිනහ නුඹෙන්    උදලූ ප්‍රතිඵලයද         ලබලූ දින දින නුඹ    ගැන්නා විස්වාසය            රන්දා ඔවදන්       රකිමින්නා සරසවි මව්        හින්දා අද දොරටුව      වැසිලා ගියත් අගුලු     වැටිලා නාඩන් නුඹ      දැවිලා අහිමි සිහිනෙ  සිතලා දිවිය නොවේ   සරසවිය දිනා ඇතේ නුඹ    සවිය දිරිය අරන් සිත     සරිය නව මගකට ගමු   දිවිය විභාගයට සිත් පිත් නෑ නමුදු ගමන වලකනු බෑ හැකියාවන් වියකනු බෑ නුඹ හට වරදනු  නම් බෑ ජය පැරදුම මේ       දිවියේ සැමට පොදුයි එක විලසේ ආසිරි ගෙන අප    සැමගේ ඉගිල්ලෙන්නට මේ  අහසේ - දිලීප එම් ජාසිංආරච්චි -

Death of socrates හෙවත් සොක්‍රටීස්ගේ මරණය

Image
  Death of socrates හෙවත් සොක්රිටීස්ගේ මරණය නමැති ඉහත කළා කෘතිය (1787) ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන ජාක්-ලුවී-ඩේවිඩ් ගේ තෙල් සායම් චිත්‍රණයකි. මොහු නියෝජනය කරන කලා  භාවිතාව නව සම්භාව්යෝවාදය යයි කියනු ලැබේ. මොහුගේ තවත් ප්‍රකට චිත්‍ර ලෙස, ‘මරාත් ගේ මරණය’, ‘හොරෙෂියාගේ දිව්රුම’ හඳුනාගත හැකිය.  මෙම ඉහත කලාකෘතියට පාදක වන්නේ මානව ඉතිහාසයේම එක්තරා ඛේදජනක සිදුවීමකි. තර්කය මුල් කරගත් දර්ශනයේ ආරම්භක චින්තකයා ලෙස සැලකිය හැකි, පුරාණ ග්‍රීක දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස්ගේ මරණය සිදු වන මොහොත මෙයට පාදක වී තිබේ. සොක්‍රටීස්ට වයස හැත්තෑවේ දී පමණ ඔහුට ග්‍රීසියේ පාලනය විසින් මුලික චෝදනා දෙකක් එල්ල කර ඔහු එම වරද පිළිගන්නේ නම් රටෙන් පිටුවහල් වන ලෙසත් නැතිනම් වස පානය කර මිය යන ලෙසත් නියෝග කරයි. රාජ්‍ය(පල්ලිය) විසින් පිළිගන්න ලද දේව මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම සහ තරුණයන්ගේ සිත් දුෂණය කිරීම ඔහුට එල්ල වන චෝදනාවේ. තම ශිෂ්‍යන්ට සිය අවසාන පාඩම කියාදෙමින් චෝදනාවලට වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කල සොක්‍රටීස් වස පානය කල මියගිය බව ප්ලේටෝගේ ලේඛන වල සඳහන් වේ.  මෙම චිත්‍රය දෙස හොදින් බලු විට ලුවී-ඩේවිඩ් ඉතාම කුඩා විස්

ඡන්ද බිත්තරේ කාටද?

Image
පළාත් පාලන ඡන්දය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයටයි. මෙතෙක් එක පක්ෂයක් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග වදින අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග වදියි. පළාත් පාලන ආයතන තුළ වැඩි කොටස පෙන්වීමට මේ දොකොට්ඨාසය අතර ඇත්තේ විශාල තරගයකි.  මේ තරගය අස්සේ ජනතා විමුක්ති පෙරමුණට කුමණ ඉරණමක් අත්වේද? මේ කාටූනය ඒ ගැනයි. කාටූනය - හසිත් කසන්ජි රහන්දික

සංවර්ධනයේ නිරුවත පියා මාමාගේ ඇසින් (අවසන් කොටස)

Image
උස්ගලට  පෙනෙන ඇත්ත රටේ හැමෝටම පෙනනවානම් සංවර්ධනයේ ලොකුම කොටස හම්බන්තොටට ලැබුණා යැයි කියන උදවිය හම්බන්තොටට ලැබී ඇත්තේ    ලොකු විනාශයක් බව කියනු ඇතැයි  ඇතැයි මට සිතුණි. පියා මාමා තව පැහැදිලි කරයි .

රම්‍ය විල්පත් වන රමණී

Image
රටේ උරුමය දැයේ ජීවය රැක්ක වන කොමළී... ඉකි බිඳියි මියැදෙන්න ළං වී රොද බැඳෙව් රැක ගන්න පණ දී... රම්‍ය විල්පත් වන රමණී... හරිත සළු පොරවා තුටින් දැයට රන් කිරි පෙව් ළඳුන් ලොවෙන් ජීවය යදින මොහොතයි රොද බැඳෙව් රැක ගන්න පණ දී රම්‍ය විල්පත් වන රමණී... සුපිපි ලිය ගොමු වියැකිලා විහඟ කූජන සැඟවිලා කුවේණියගේ මරු විලාපය වසා ගෙන වන රොද පුරා රොද බැඳෙව් රැක ගන්න පණ දී රම්‍ය විල්පත් වන රමණී... ගේය පද රචනය - එච් කේ අරුණසිරි

අනුන්ගේ පව්වලට කර ගැසූ හාමුදුරුවෝ

Image
පියා මාමාගේ මගපෙන්වීම අනුව අපි ගමන ආරම්භ කළෙමු. අපි ගියේ පියාමාමා පසුසය. වැඩි දුරක් යන්නට මත්තෙන් විසාල කොහොඹ ගසක් බිම හෙලා තිබුණි. කටුපඳුරු සහිත ශුෂ්ක ලක්ෂණ දැරූමුත්  විසාල වනස්පතින් තැන තැන දක්නට ලැබිණ . --------------------------------------------------------- පියා මාමා සමඟ ගිය උස්ගල ගමන   ගැන කතාවේ ආරම්භය මීට පෙර පළ විය.  පියා මාමා සමඟ උස්ගලට යෑම ආරම්භ කිරීම දක්වා එම කතාවේ ඇතුළත් විය. මේ එහි දෙවැනි කොටසයි. පියා මාමාගේ මගපෙන්වීම අනුව අපි ගමන ආරම්භ කළෙමු. අපි ගියේ පියාමාමා පසුසය. වැඩි දුරක් යන්නට මත්තෙන් විසාල කොහොඹ ගසක් බිම හෙලා තිබුණි. කටුපඳුරු සහිත ශුෂ්ක ලක්ෂණ දැරූමුත්  විසාල වනස්පතින් තැන තැන දක්නට ලැබිණ . ‘මාමා ඇයි ලොකු ගස් අඩු මිනිස්සු කපලද ? ‘ ‘ඔව්.. ගහක් පෙන්න බෑ. කෑලා පාලුවන්ගේ වැඩ. මේ  කොහොඹ ගසත් ඊයේ රාත්‍රියේ වෙන්න ඕන කපලා ඇදලා තියෙන්නේ.. ‘ ගසේ වට ප්‍රමාණය  බැලූ මට හැඟී  එය ගියේ අවුරුදු තිහ හතලිහකට වඩා පැරණි ගසක් බවයි. එහෙත් වන අපරාධ කරුවන් එක රැයෙන් ගස කුට්ටිකර රැගෙන ගෙස් ඇත. ‘වටිනාකම පමණක් දන්නා අගය නොදන්නා නරුමයින්‘ මම මටම කියාගත්තෙමි. ‘ඇයි පියා මාමා මේ අ

පැළ සිටුවන රිලා පැටව්

Image
දනිද මිතුර අලුතෙන් ආ කතන්දරේ අමුතු රිලව් හිටියලු අද වනන්තරේ ඵල වැල කඩා වනසන උන් නිරන්තරේ පුදුම වැඩක් කළාලු අද වනන්තරේ අමුතු රංචුවක් හැදුනලු පාන්දර පැලත් අරන් පැන්නලු උන් වනන්තර සුදුසු තැන් සොයා උන් සැම ගමන් කර ඉන්දුවාලු ඒ අවටම සුද්ද කර පැලත් අරන් යනකොට මුන් එක පෙලට රිදුනලු ගමේ සමහර උන්ගේ හිතට කෙල හලනා උන් මේ කැළෙ මායිමට කිව්වලු රිලා පැටවුන් යති අද වැඩට අමුතු රිලව් වෙහෙසෙනවා රැක ගන්න සතා සීපාව ගහ කොල සුරකින්න රටේ හෙට දවස සුවපත් කරගන්න මහත්වරුට හොඳ හුස්මක් අරගන්න මෙවැනි පැටව් රට වෙත වාසනාවන් ගරහන හිත්හි ඇත පටු චේතනාවන් ඉටු නොම විටදි ඒ අකුසල් ක්‍රියාවන් විදහා පෙනෙයි ඔවුනගෙ ගෙඹි ක්‍රියාවන්   - දිලීප එම් ජාසිංආරච්චි -  

ඉඩෝර බිම අස්වැද්දූ තරුණ අත්වැට

Image
ඉඩෝර බිම අස්වද්දන ගවේෂණාත්මක තරුණ අත්වැට දේශන මාලාව සහ සුහද හමුව පසුගියදා වීරකැටිය කුඩා බිබුල සොබාදහම් පාසලේදී  පැවැත්විණි. වැඩසටහන උදෑසන 5 ට ආරම්භ විය. සියලු දෙනාම ශරීර උණුසුම් වීම සදහා ව්‍යායාම කර දවස ප්‍රබෝධමත් ලෙස ආරම්භ කළ අතර සියළු දෙනාම මුහුණින් මුහුණ බලා විමසුම් දෑසින් මුහුණට මද  සිනහවක් එක් කළේ  "මම ඔබේ මිතුරෙක් වෙමි" යන වචන පෙල මුහුණෙහි සනිටුවන් කර ගනිමිනි. ඉඩෝර බිම අස්වද්දන වෑකඳවල රාහුල හිමියෝ වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව පිරිස හඳුනාගත්හ. අපේ සාකච්ඡාවට හැමදෙනාගේම මති මතාන්තර සංවාදශීලී අදහස් මෙන්ම එකිනෙකා පරයා යන නිර්මාණශීලී එමෙන්ම විවේච්නාත්මක අදහස් ඉදිරිපත් කරමින්   ජනමාධ්‍ය   ,තොරතුරු දැන ගැනීමේ පනත , ජලය , කිතුල් , යාල , අලි   ,කුළුබඩු ,චිත්‍ර, කාන්තාව , ක්‍රීඩාව, සර්පයෝ, දෙශපාලනය, බුදු දහමේ සහ ස්ලාම් දහමේ පරිසරය ගැන ඇති දේවල්, දෙමළෙන් බෞද්ධ කතාවක් යන මාතෘකා පාදක කරගනිමින් දේශන සහ සාකච්ඡා පැවැත්විණි. සවස් වරුවේ පැවැති ගීත රසාස්වාදනය සැඳෑ සමයේ පාළුව දුරු කරන්නට සමත් විය . රාත්රී 8.30 ට පමණ සියල්ලන්ම දුක්මුසුව සුහද හමුවේ අවසානට පානැගුවේ තවත් හම

ඓතිහාසික පිළිකුත්තුව නැතිවෙයිද?

Image
ඓතිහාසික පි‍ළිකුත්තුව රජමහා විහාරය පිහිටියේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේය. කොළඹ-නුවර මාර්ගයේ පැමිණ මිරිස්වත් මංසන්ධියෙන් කිරිඳිවැල පාරේ එද්දී හමුවන බුත්පිටියෙන්   වමට හැරී ගමන් කරන විට පිළිකුත්තුව රජ මහා විහාරය හමුවේ. අක්කර 200 ක භූමි ප්‍රදේශයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ. ප්‍රාග් ඓතිහාසික ගල් ලෙන් 99කින් සමන්විත පාරිසරික අතින්ද විශාල වැදගත්කමක් උසුලයි.  ශ්‍රී ලංකාවේ වැඩිම ගල්ලන් සංඛ්‍යාවක් ඇති විහාරය ලෙස පිළිකුත්තුව රජමහා විහාරය සැලකේ. මෙම ගල්ලෙන් ආශ්‍රිතතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  කරන ලද කැණිම් වලින් ප්‍රාග් ඓතිහාසික මානවයින් භාවිතා කරන ලද ශිලා මෙවලම්, ශාඛ හා සත්ත්ව කොටස් හමුවී තිබේ. එමෙන්ම දඹදෙණි යුගයට අයත් කාසි හා මැටි මෙවලම්ද හමුවී තිබේ. මෙම ගල්ලෙන් භික්ෂුන් වහන්සේලා විසින් භාවනායෝගිව වැඩ වාසය කිරිමට යොදාගෙන ඇතැයි පැරණි පොතපතේ සඳහන් වේ. ගල්ලෙන් වල කටාරම්ද දක්නට ලැබේ මෙම ප්‍රදේශයෙන් සෙල්ලිපි කිහිපයක්ද හමුවී ඇති අතර ඒවා  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියවා වාර්ථා කර ඇත. ඉන් එකකින් කියවෙන්නේ පිළිකුත්තුව රජමහා විහාරය අශ්වාරෝහකයාගේ සහෝදරයා විසින් කරවා ශාසනයට පුජා කළ